ක්‍රීඩා

තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට අතවර චෝදනාවක්

(UTV| ඉන්දියාව) – වසර කිහිපයකට පෙර IPL තරගාවලියක් අතරතුරදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් සිය කාමරය තුලට තමන්ව රවටා රැගෙන ගිය බව ඉන්දීය ගායිකාවක් පවසයි.

චින්මායි ශ්‍රිපාදා නම් මෙම ගායිකාව සිය ට්විටර් ගිණුම හරහා මේ බව සඳහන් කර තිබේ.

ඉන්දීය ඩෙකන් ක්‍රොනිකල් වෙබ් අඩවිය වාර්තා කරන අන්දමට මෙම ක්‍රීඩකයා ලසිත් මාලිංග බව සඳහන් කර ඇත.

කෙසේවෙතත් මේ දිනවල ඉන්දියාව තුළ පැතිර යන ලිංගික හිංසන හෙළිදරව් කිරීමේ සමාජ ජාල රැල්ලක් හේතුවෙන් ඇතැමුන් ප්‍රසිද්ධ පුද්ගලයන් සම්බන්ධ කරගෙන ව්‍යාජ සිදුවීම් නිර්මාණය කරන බවද ඉන්දිය සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැමුන් පවසා තිබේ.

මේඅතර ඊයේ ඉන්දීය ගුවන්සේවිකාවක් විසින් මීට වසර කිහිපයකට පෙර සිදුවූ සිද්ධියක් මත කරමින් තැබූ ෆේස් බුක් සටහනක් උපුටා දක්වමින් ඉන්දියා ටුඩේ පුවත්පත පල කර තිබුනේ හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතාද ඉන්දියාවේ පැවති තරගාවලියක් අතරතුර ශ්‍රී ලංකා කණ්ඩායම නවාතැන්ගෙන සිටි හෝටලයේ පිහිනුම් තටාකය අසලදී තමන්ට අතවර කිරීමට උත්සාහ කළ බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලසිත් ඇන්ජලෝට එන්නැයි ආරාධනය කරයි

Mohamed Dilsad

IPL තරඟාවලිය අවලංගු කිරීමේ සුදානමක්

Mohamed Dilsad

අසේල ගුණරත්නට නිදහස් කුසලානය අහිමි වෙයි

Mohamed Dilsad

Leave a Comment