(UTV| කොළඹ) – රජයේ මිනින්දෝරුවරුන්ගේ සංගමය අද එක්දින වෘත්තීය ක්රියාමාර්ගයකට එළඹ සිටියි.
ඒ මැනුම් සහයකවරුන් ලෙස කාන්තාවන් බදවා ගැනීම තුළින් ක්ෂේත්රයේ මැනුම් කටයුතුවලදී ගැටලූ මතුවී ඇති බවට චෝදනා කරමිනි.
අද පෙරවරු 8 සිට පස්වරු 4 දක්වා තම සංගමයේ සාමාජිකයින් ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා නොකර මෙම වෘත්තීය ක්රියාමාර්ගයට එක්ව සිටින බව රජයේ මිනින්දෝරුවරුන්ගේ සංගමයේ උප සභාපති ජී.අයි.ලක්මාල් මහතා පවසයි.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]