ප්‍රමුඛ පුවත 1

ලංගම බස් රථ 3ක හුළං අරී

(UTV| කොළඹ) – මහනුවර ගුඩ් ශෙඩ් බස් නැවතුමේ එම බස් රථ වල ගමන් වාර සියල්ල අහෝසි කිරීමට හැටන් ඩිපෝ බලධාරීන්ට සිදු විය.

ඒ ඊයේ (11) රාත්‍රියේ මහනුවර ගුඩ් ශෙඩ් බස් නැවතුමේ ගාල් කොට තිබු හැටන් ඩිපෝවට අයත් බස් රථ තුනක ටයර් වල හුළං ඇරීම හේතුවෙනි.

මෙම බස් රථ සියල්ල අද උදැසන හැටන් බලා ගමන් ආරම්භ කීරීමට නියමිතව තිබු බව ඩිපෝ බලධාරීන් සදහන් කරයි.

මෙම බස් රථ ධාවනය කිරීමේදී පුද්ගලික බස් රථ ධාවකයන්ගෙන් දැඩි බාධා නිතරම එල්ල වන බවත් මෙම ටයර් වල හුළං ඇරීමේ සිදුවීමට එම පුද්ගලික බස් ධාවකයන් සම්බන්ධ බවත් හැටන් ඩිපෝ සේවකයන් පැවසුවේය.

මේ සම්බන්ධයෙන් මහනුවර පොලිසියට පැමිණිළි කරන බවත් ඉදිරි ක්‍රියා මාර්ග ගන්නා බවත් හැටන් ඩිපෝ බලධාරීන් සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගෝටාභයගේ නිල මාධ්‍ය ප්‍රකාශකවරයා පත් කෙරේ

Mohamed Dilsad

කොළඹ කොටස් වෙළඳ පොළත් වැසේ

Mohamed Dilsad

රථ වාහන වැරදි සම්බන්ධයෙන් වන ස්ථානීය දඩ මුදල ළඟදීම වෙනස් වේ

Mohamed Dilsad

Leave a Comment