ප්‍රමුඛ පුවත 1

බන්ධනාගාරවලට අද සිට STF ආරක්‍ෂාව

(UTV| කොළඹ) – බන්ධනාගාරවල ආරක්ෂාව සඳහා අද (15) සිට පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට නියමිත බව, අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසයි.

එහි ජේ‍ෂ්ඨ සහකාර ලේකම් බන්දු ජයසිංහ මහතා මාධ්‍ය වෙත සඳහන් කළේ එහි පළමු අදියර යටතේ පොලිස් විශේෂ කාර්ය බලකා භටයින් 300ක් බන්ධනාගාර 03 කට අනුයුක්ත කිරීමට නියමිත බවයි.

වැලිකඩ සහ මැගසින් බන්ධනාගාර සඳහා භටයින් 200ක්ද, අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය සඳහා භටයින් 100 ක් ද මෙසේ අනුයුක්ත කෙරෙනු ඇත.

බන්ධනාගාර තුළට පිටතින් පැමිණෙන නීති විරෝධී දේ වැළැක්වීම, ආරක්ෂාව තර කිරීම, වෙනත් අක්‍රමිකතා මැඩපැවැත්වීම මෙහි අරමුණ බව එ මහතා වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

විදෙස් යාත්‍රාවක තිබී මත්ද්‍රව්‍ය කිලෝ 60 ක් සමඟ පුද්ගලයින් 9ක් අත්අඩංගුවට

Mohamed Dilsad

පාසල් සිසුන්ට නිල ඇඳුම් හා සපත්තු වව්චර්පත්

Mohamed Dilsad

ලොව පුරා මුස්ලිම් බැතිමතුන් හරසරින් සමරනු ලබන රාමසාන් දිනය අදයි

Mohamed Dilsad

Leave a Comment