ප්‍රමුඛ පුවත 1

ත්‍රිරෝද රථ ගාස්තු අද සිට ඉහළට

(UTV| කොළඹ) – සැප්තැම්බර් 10 වැනිදා සිදුවු ඉන්ධන මිල සංශෝධනයට සාපේක්ෂව අද (15) සිට ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ දමන බව ත්‍රිරෝද රථ සංගම් පවසයි.

ඒ අනුව අද (15) සිට තම සංගමය දෙවැනි කිලෝමීටරය සඳහා වන් ගාස්තුව රුපියල් 05 කින් ඉහළ දමා ඇති බව ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියැදුරන්ගේ සහ කර්මාන්තකරුවන්ගේ සංගමයේ ලේකම් එල්. රෝහණ පෙරේරා මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

එසේම අද සිට බස්නාහිර හා දකුණු පළාතේ පමණක් දෙවැනි කිලෝමීටරය සඳහා වන ගාස්තුව රුපියල් 10 කින් ඉහළ දමා ඇති බව ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා පැවසීය.

මේ අතර සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ හා හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සුදිල් ජයරුක් මහතා පැවසුවේ, මිල සූත්‍රයක් අනුසාරයෙන් ගාස්තු ඉහළ දැමීමට තම සංගමය තීරණය කර ඇති බවය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රාමදාන් උපවාසය හෙට සිට

Mohamed Dilsad

ඩෙංගු රෝගය යළි බෝවීමේ අවදානමක්

Mohamed Dilsad

එ.ජා.පයට ලංකා කම්කරු කොංග්‍රසයේ සහය

Mohamed Dilsad

Leave a Comment