ප්‍රමුඛ පුවත 1

හිටපු ජනපතිගේ ප්‍රකාශයට ඇමති තලතාගෙන් පිළිතුරු

(UTV| කොළඹ) – “නීතිපතිතුමා ගෙන්නලා නඩු පවරන්න උපදෙස් දෙනවා කියලා අපිට චෝදනා කරනවා හිටපු ජනාධිපතිතුමාට මතක නැහැ ඉතිහාසයේ කිසිම ජනාධිපතිවරයෙක් නොකරපු විදිහට නීතිපති දෙපාර්තමේන්තුව එයා යටතේ තියාගෙන හිටියා කියලා.

හිටපු ජනාධිපතිතුමා සමහර වෙලාවට හීනෙන් බය වෙලා වගේ මම තමයි ජනාධිපති කියලා වැඩ කරනවා .ආපහු ආණ්ඩු පෙරලළා හෙට ජනාධිපති කියලා වැඩ කරනවා.බලය තියෙනවා නැති වෙනවා හැබැයි බලයට කෑදරකමින් අපි හැම එකක්ම කරන්න උත්සාහ කරන්නේ නැහැ.

අධිකරණය ගැන මිනිස්සුන්ගේ තිබුණු විශ්වාසය විනාශ කරලා දාලා ශිරාණි බණ්ඩාරනායක මහත්මියව පැය 24 න් ගෙදර යවපු හැටි මහින්ද රාජපක්ෂ මහත්තයාට අමතක ඇති”.අමාත්‍ය තලතා අතුකෝරළ පවසයි.

අධිකරණ හා බන්ධනාගර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය මෙම අදහස් පළ කළේ රුපියල් ලක්ෂ 126 මුදලක් වැය කරමින් ඉදි කළ රත්නපුර මුද්දුව මාර්ගය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරිය මෙසේ ද සදහන් කළාය.

“කවුරු මොනවා කිවුවත් 2020 වෙනකල් ආණ්ඩු කරන්නේ අපි.මේවාට සංවර්ධනයට සල්ලි ගේන්නේ අපි.2020 වෙනකල් කුරා කූඹියෙකුටවත් මේ ආණ්ඩුවට අත තියන්න අපි දෙන්නේ නැහැ .2015 අගෝස්තු 15 අපි කිවුවා අපේ පක්ෂය ජයග්‍රහණය කරවන්ඩ අපි වැඩ කරනවා කියලා .ප්‍රාදේශීය සභාව අපිට නැති වුණා කියලා අපි වැඩ නොකර ඉන්නේ නැහැ .දේශපාලනයට එන්න ඕන ජනතාවට යමක් කරන්න ඕන ” යැයි ද අමාත්‍යවරිය පැවසුවාය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජන බලය නිසා අවහිර වන මාර්ග

Mohamed Dilsad

හෙරොයින් සහ අයිස් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

අමාත්‍යවරුන් කිහිපදෙනෙකු සිය අමාත්‍යංශවල වැඩ බාරගනි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment