ප්‍රමුඛ පුවත 1

හමුදා සෙබළෙකු බස් රථයක ගැටී මරුට

(UTV| කොළඹ) – පාපැදි පුහුණුවේ යෙදුණු යුද හමුදා සෙබළෙකු බස් රථයක ගැටීමෙන් අද(15) උදෑසන ජිවිතක්ෂයට පත්ව තිබේ.

වව්නියාව ඕමන්ත පැවසුවේ වව්නියාව කනගරායන්කුලම 561 බළසේනාවට අයත් යුද හමුදා සෙබළෙකු අද උදෑසන යාපනය නුවර ප්‍රධාන මාර්ගයේ ඕමන්ත මහරම්බකුලම ප්‍රදේශයේදී පාපැදි පුහුණුවීම් සිදුකිරීමේදී අනතුරට ලක්ව ඇති බවයි.

පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි වසන්ත නමැති යුධ හමුදා සෙබළෙකු අනතුරින් ජිවිතක්ෂයට පත්ව ඇති බවද පොලීසිය සඳහන් කළේය.

යුද හමුදා සෙබළා පුහුණුවීම් සිදුකරන අවස්ථාවේ හදිසියේ මාර්ගයට ගවයෙකු පැමිණ ඇති අතර, එහිදි පාපැදිකරු වැටී ඇති අතර අදාළ අවස්ථාවේ පසුපසින් පැමිණි බස් රථයක් පාපැදිකරුගේ ගැටීමෙන් අනතුර සිදුව ඇති බව මූලික පරීක්ෂණයන්ගෙන් අනාවරණය වී ඇති බවද පොලිසිය සඳහන් කළේය.

මියගිය තරුණයාගේ සිරුර වවුනියාව රෝහලේ තැන්පත් කොට ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ප්‍රවාහන ගැටලු ගැන කියන්න දුරකථන අංකයක්

Mohamed Dilsad

විරෝධතාවක් නිසා ගාලු මුවදොර පිවිසුම් මාර්ගය වසා දමයි.

Mohamed Dilsad

කිරිපිටි සහ ගෑස් මිල වැඩි නොකරන බවට පොරොන්දුවක්

Mohamed Dilsad

Leave a Comment