(UTV| කොළඹ) – අන්තර් ජාතික ක්රිකට් කවුන්සිලයේ දුෂණ නීති සංග්රහයේ වගන්ති දෙකක් කඩ කිරිමේ චෝදනාව යටතේ ශ්රී ලංකා හිටපු තේරිම් කමීටු සභාපති සනත් ජයසුරිය මහතාට නිදහසට කරුණූ දක්වන ලෙස නියෝග කරයි.
අදාළ වගන්ති කඩ කිරිම සම්බන්ධයෙන් සනත් ජයසුරිය මහතාට නිදහසට කරුණු දක්වන ලෙස (15) දින සිට දින 14 කාලයක් ලබාදී ඇති බව අන්තර් ජාතික ක්රිකට් කවුන්සිලය නිවේදනයක් නිකුත් කරමීන් සඳහන් කරයි.
එ අනුව පහතින් ඇති වගන්ති ශ්රී ලංකා හිටපු තේරිම් කමීටු සභාපති සනත් ජයසුරිය මහතා විසින් කඩ කර ඇති බව අයි.සී.සීය පෙන්වා දී තිබේ.
01/ වගන්තිය 2.4.6
අයි.සී.සී දුෂණ විරෝධි ඒකකය විසින් සිදු කරන ලද පරීක්ෂණය සමග සහයෝගයකින් තොරව සධාරණ හේතුවකින් තොරව එම පරික්ෂණ සඳහා සහාය දැක්විම ප්රතික්ෂේප කිරිම,අයි.සී.සී දුෂණ විරෝධි ඒකකය ඉල්ලා සිටි තොරතුරු හා ලියකිවිලි නිවැරදිව හා සම්පුර්ණයෙන් ලබා දීමට අපොහොසත් විම.
02/ වගන්තිය 2.4.7
අයි.සී.සී දුෂණ විරෝධි ඒකකය විසින් සිදු කරන පරීක්ෂණ වලට බධා පැමීණවිම සහ එම පරික්ෂණ පමා වන ආකාරයෙන් කටයුතු කිරිම,ලියකියවිලි වෙනස් කිරිම සැගවිම වෙනස් කිරිම සහ විනාශ කිරිම මගින් …. පරික්ෂණයන්ට අදාළ සාක්ෂි වසන් කිරිම යන චෝදනා යටතේය.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]