ක්‍රීඩා

ආසියානු පැරා ක්‍රීඩා තරඟය ජයගත් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ උණුසුම්ව පිළිගනිති

(UTV| කොළඹ) – ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවති ආසියානු පැරා ක්‍රීඩා උළෙලට සහභාගී වී පදක්කම් ජයග්‍රහණය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිගැනීමේ උත්සවයක් ඊයේ (15) දින පළාත් සභා,පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැත්වුණි.

ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ලබා දුන් මිලියන 20 ක ප්‍රතිපාදන සඳහා සාධාරණයක් කිරීම පිළිබදව අමාත්‍යතුමා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අගය කළ අතර ක්‍රීඩා උළෙලේදී ජයග්‍රහණය කළ රන් පදක්කම 04, රිදී පදක්කම් 04 හා ලෝකඩ පදක්කම් 14 අමාත්‍යතුමන් අගය කරන ලදී.

පදක්කම් ජයග්‍රහණය කරන පැරා ක්‍රීඩකයින් සඳහා ලබා දෙන ත්‍යාග මුදල නිශ්චිතවම ලබා දෙන්න අවශ්‍ය කරන නීති රෙගුලාසි වෙනස් කරන්න අවශ්‍ය කටයුතු කරන බව අමත්‍යතුමන් වැඩිදුරටත් පැවසීය.

එහිදී අමාත්‍යතුමා වැඩිදුරටත් උත්සව සභාව අමතමින් ප්‍රකාශ කලේ ඉදිරි වසර දෙක සදහා ඩයලොග් ආසිආටා සමාගම අනුග්‍රහය ලබා දීමට සාකච්ඡා කරගෙන යන බවයි.

මම ප්‍රතිපත්තිමය තීරණයක් ගන්නවා ඉදිරියේ පදක්කම් ලාභීන්ට රජයක් විදියට පූර්ණ සහයෝගය ලබා දෙන්න. රට තුළ හෝ රටින් පිට ඔබලාට පුහුණුවක් ලබා දීමේ විශේෂ අවශ්‍යතාවය තිබ්බානම් එය ලබා දීමටත් අපි බැදී සිටිනවා යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

“ක්‍රිකට් තේරීම් කමිටුවේ තීරණය ගැන මට විවේචනයක් නැහැ” – මුරලි

Mohamed Dilsad

ඩක්වර්ත්- ලුවිස් න්‍යායේ නිර්මාතෘ ටෝනි ලුවිස් මිය යයි

Mohamed Dilsad

එංගලන්ත – ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලියට නව කාලසටහනක්

Mohamed Dilsad

Leave a Comment