ක්‍රීඩා

ICC යෙන් නැගූ චෝදනා ගැන සනත් කියූ දේ

(UTV| කොළඹ) – ICC දුෂණ මර්ධන කමිටුව මගින් තමන්ට එරෙහිව ගොනු කර තිබෙන චෝදනා දෙක සම්බන්ධයෙන් පිළිතුරු ලබා දීමක් සිදු කළ නොහැකි බව හිටපු ශ්‍රි ලංකා ක්‍රිකට් තේරිම් කමිටු සභාපති හා ක්‍රිකට් නායක සනත් ජයසුරිය මහතා පවසයි.

තමන්ට එරෙහිව නගා තිබෙන චෝදනාවන් සඳහා පිළිතුරු ලබා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් දින 14ක් කල් ලබාදී තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් තමන් මේ මොහොතේදී අදහස් දැක්විම ICC නිතීන්ට පටහැනි බවත් සනත් ජයසුරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

සිය නිතිඥවරුන් කණ්ඩායම මේ වන විටත් ICC ය වෙත ලබා දිය යුතු පිළිතුර සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටී. එම වැඩ අවසන් වු පසු තමන් පිළිතුරු ලබාදීමක් සිදුකරන බවද  ඔහු සඳහන් කරයි.

තමන්ට එරෙහිව මුදලට තරග පාවාදිම්, තණතිලි සැකසිම් වැනි චෝදනාවන් අයිසීසීය මගින් එල්ල කර නොමැති අතර ඔවුන්ගේ විමර්ෂණයන්ට මාගේ සහය නොලැබුනු බවටයි චෝදනා කර ඇති බැවින් ඒ සඳහා සහය ලබාදීමට සුදානම් බවද ඔහු පවසයි.

ක්‍රිකට් ක්‍රිඩාවේදි තමා සෑම විටම නිවැරදිව, විනිවිදභාවයකින් යුතුව කටයුතු කර ඇති බවත් ඉදිරියේදිත් එසේ සිදුකරන බවට සනත් ජයසුරිය සඳහන් කර සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඔස්ට්‍රේලියාවට උපහාර දක්වන්න සිකුරාදා මැච් එකට කහ ඇඳලා එන්නලු

Mohamed Dilsad

ශ්‍රී ලංකා සහ නවසීලන්ත 20 – 20 පළමු තරගය අද

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට එරෙහිව බුම්රාට කැඳවීමක්

Mohamed Dilsad

Leave a Comment