ප්‍රමුඛ පුවත 1

අගමැති රනිල් අද (18) ඉන්දීයාවට

(UTV| කොළඹ) – නිළ සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (18) පස්වරුවේ ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.

අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ මෙම සංචාරය තුළදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර ඉහළ පෙලේ සාකච්ඡාවක් ලබන 20 වැනිදා නවදිල්ලි නුවරදි පැවැත්වීමට නියමිත බවයි.

මෙම සංචාරයේදී එරට විදේශ ඇමතිනී සුෂ්මා ස්වාජ්, ස්වදේශ ඇමති රාජනාත් සිං ඇතුළු ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයින් සමග අග්‍රාමාත්‍යවරයා සාකච්ඡා පැවැත්වීමට නියමිත බව වාර්තාවේ.

මෙම සංචාරය සඳහා අග්‍රාමාත්‍යවරයා සමග අමාත්‍යවරුන් වන සාගල රත්නායක, මලික් සමරවික්‍රම, අර්ජුණ රණතුංග ඇතුළු අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිළධාරීන් පිරිසක් සහභාගී වීමට නියමිතව ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

යුරෝපා සංගමයෙන් නිවේදනයක්

Mohamed Dilsad

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීම අද

Mohamed Dilsad

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙන එන විශ්වාසභංගයට ආණ්ඩුවේ සහය

Mohamed Dilsad

Leave a Comment