ප්‍රමුඛ පුවත 1

මොහොමඩ් නිසාම්ඩීන්ට එරෙහි ත්‍රස්තවාදී චෝදනා ඉවත් කර ගනී

(UTV|ඕස්ට්‍රේලියාව) – ශ්‍රී ලාංකික ආචාර්ය උපාධි අපේක්ෂක ශිෂ්‍ය මොහොමඩ් නිසාම්ඩීන්ට එරෙහි ත්‍රස්තවාදී චෝදනා නිව් සවුත්වේල්ස් පොලීසිය මගින් ඉවත් කර ගනී.

ත්‍රස්තවාදී චෝදනා හේතුවෙන් ඔහු පසුගිය අගෝස්තු මාසයේදී ඕස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගෙන මාසයක පමණ කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියේය.

ඕස්ට්‍රේලියානු දේශපාලනඥයන් ඝාතනය කිරීම සදහා කුමන්ත්‍රණය කළ බවට මොහොමඩ් නිසාම්ඩීන්ට එරෙහිව එල්ල වූ චෝදනාවයි.

25 හැවිරිදි නිසාම්ඩීන්ගේ නිර්දෝෂීභාවය තවදුරටත් තහවුරු වීම හේතුවෙන් ඔහුට එරෙහි ත්‍රස්ත චෝදනා ඉවත් කරගැනීමට ඕස්ට්‍රේලියානු පොලීසිය ක්‍රියාකර තිබේ.

නිසාම්ඩීන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු පොලීසියට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව ඔහුගේ නීතිඥයා ඕස්ට්‍රේලියානු මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇමති අකිල ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවට

Mohamed Dilsad

හෂීස් මත්කුඩු තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ

Mohamed Dilsad

උත්සව සමයට විශේෂ බස් රථ සේවාවක්

Mohamed Dilsad

Leave a Comment