ප්‍රමුඛ පුවත 1

ගෝඨාභය රාජපක්ෂ අද විශේෂ මහාධිකරණයට එයි

(UTV| කොළඹ) – හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද(19)  ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය වෙත පැමිණ තිබේ.

ඒ තංගල්ල ,වීරකැටිය,මැදමුලන ඞී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33 ක් අවභාවිත කිරීම ඇතුලූ පොදු දේපළ පනත යටතට ගැනෙන අධිචෝදනා හතක් යටතේ නීතිපතිවරයා ගොනු කළ නඩුවට අදාළවය.

එහිදී ප්‍රථම වරට සැප්තැම්බර් 10 වන දා හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු 7 දෙනෙකු විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පෙනී සිටියේය.

එහිදී මෙම  චූදිතයන්ට අධි චෝදනා භාර දෙනු ලැබීය.

හිටපු ආරක්ෂක ලේකම්වරයා අවසන් වරට පසුගිය 9 වනදා විශේෂ මහාධිකරණය හමුවේ පෙනී සිටි අතර  එදින මෙම නඩුව අද(19) සිට අඛන්ඩව විභාග කිරීමට විශේෂ මහාධිකරණය තීරණය කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පේරාදෙණියේ වසා දැමුණු පීඨ යළි ඇරේ

Mohamed Dilsad

කොටුව – කන්කසන්තුරේ අතර දුම්රියන් 2 ක් ඉවතට

Mohamed Dilsad

පළාත් කීපයකට අදත් තද වැසි

Mohamed Dilsad

Leave a Comment