ප්‍රමුඛ පුවත 1

කේරල ගංජා කිලෝ 154ක් සමඟ 5 ක් අත්අඩංගුවේ

(උදයම්, කන්කසන්තුරේ) –  කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 154ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් පස් දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදාව විසින් සිදු කළ මෙහෙයුමක දී කන්කසන්තුරේ මුහුදු  ප්‍රදේශයේදී මෙම කේරළ ගංජා තොගය සමඟ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේය.

මේ සම්බන්ධයෙන් සිදුකළ මෙහෙයුමකදී ඊට අදාළ තවත් පුද්ගලයින් දෙදෙනෙකු උඩුත්තුරෙයි මුහුදු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් ගංජා තොගය සහ සැකකරුවන්  ඉදිරි විමර්ශන කටයුතු සඳහා කන්කසන්තුරෙයි පොලීසිය වෙත බාර දීමට කටයුතු කර ඇත.

ඔවුන් අද මල්ලාකම් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

අල්ලස් කොමිසමට ඒකාබද්ධ විපක්ෂයෙන් පැමිණිල්ලක්

Mohamed Dilsad

ජනපති ටජිකිස්ථානය බලා පිටත් වෙයි

Mohamed Dilsad

මෙරට සිටින සෞදි අරාබි ජාතිකයින්ට සෞදි තානාපති කාර්යාලයෙන් නිවේදනයක්.

Mohamed Dilsad

Leave a Comment