ප්‍රමුඛ පුවත 1

පහ වසර ශිෂ්‍යත්ව විභාගය නව ක්‍රමවේදයකට -කැබිනට් පත්‍රිකාවක් ඉදිරියේදී

(UTV| කොළඹ) – පහ වසර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන ක්‍රමවේදය වෙනස් කිරීමට කඩිනමින් කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

‘ළඟ ම පාසල හොඳම පාසල’ වැඩසටහන යටතේ උඩවෙල රේවත මධ්‍ය මහා විද්‍යාලයේ ඉදි කළ ප්‍රාථමික අධ්‍යාපන සම්පත් මධ්‍යස්ථානය සිසු අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ශිෂ්‍යත්ව විභාගය මගින් ශිෂ්‍යත්ව ආධාර ලබා දීමට කටයුතු කරන අතර ඇතුළත් වීමේ විභාගය යළිත් පැවැත්වීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා එහිදී පෙන්වා දුන්නේ ය.

එමගින් තරගකාරීත්වය නැති කරන බවත් මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත් කරන බවත් පාසල් පැවැත්වෙන කාලය තුළ පුද්ගලික පන්ති පැවැත්වීම තහනම් කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරියේදී ඉදිරිපත් කරන බව ද අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කළේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පුටින් හතරවන වරටත් රුසියානු ජනාධිපති ධුරයට

Mohamed Dilsad

ජනපති සහ මැලේසියා අගමැති අතර නිල හමුවක්

Mohamed Dilsad

අන්‍යයන්ගේ වේදනා කෙරෙහි සංවේදී වීමද තමන් තමන්ටම අවංක වීමද තුළින් මනුෂ්‍යත්වය වර්ණවත් කළ හැකියි- ජනපති

Mohamed Dilsad

Leave a Comment