ක්‍රීඩා

අද තරඟයේ සූදානම..

(UTV| කොළඹ) – සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන අද (23) පැවැත්වෙන පස්වැනි හා අවසන් තරඟය පිළිබඳව විශාල සැලසුමක් නොමැති බවත්, තම කණ්ඩායමේ ප්‍රධානතම ඉලක්කය ලබන වසරේදී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට අවශ්‍ය වර්ධනය සකසා ගැනීම බවත් ශ්‍රී ලංකා ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල තරගයට පෙරාතුව ඊයේ (22) පැවැති මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.

“අපි පල්ලෙකැලේදී ක්‍රීඩා කළ අවසන් තරගය පෙර තරගවලට වඩා සාර්ථක වුණා කියලා හිතෙනවා. පෙර තරගයේදී අපේ මුල් පෙළේ හා මැද පෙළේ පිතිකරුවන් කිහිප දෙනකු සාර්ථක වුණා. ඒක ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරගෙන ඉන් අපිට හොඳ වර්ධනයක් කියලා පේනවා.ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අපිට තව එක්දින තරග 10ක් පමණ තියෙනවා. ඒ තරගවලදී අපි ක්‍රමක්‍රමයෙන් දියුණු විය යුතුයි”

තවද දෙරට අතර ගාල්ලේදී ආරම්භ වන පළමු ටෙස්ට් තරගයේදී සමුගන්නා රංගන හේරත් සම්බන්ධයෙන්ද දික්වැල්ල මෙහිදි අදහස් දැක්විය.

“රංගන කියන්නේ ලෝකයේ ඉහළින්ම සිටින ක්‍රීඩකයෙක්. වමත් යවන්නන් අතරින් ඔහු තමයි ලෝකයේ අංක එක. ඔහු නොමැති අවස්ථාවක ඒ හිඩැස පුරවන්න ටිකක් අපහසු වේවි. මගේ ක්‍රිකට් ජීවිතයේ ඔහුත් එක්ක සෙල්ලම් කරන්න ලැබීම මහත් ගෞරවයක් ලෙස මම සලකනවා”.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ආසියානු කාන්තා ක්‍රිකට් කවුන්සිල අවසන් තරඟය අදයි

Mohamed Dilsad

සංගක්කාරට හිමිවූ අලුත් තනතුර

Mohamed Dilsad

LPL තරගාවලියෙන් ක්‍රීඩකයින් 5 ක් හදිසියේම ඉවත් වෙයි

Mohamed Dilsad

Leave a Comment