විදෙස්

කශෝගිගේ ඝාතනය skype හරහා මෙහෙයවූ බවට තොරතුරු

(UTV| කොළඹ) – මාධ්‍යවේදී ජමාල් කශෝගි ඝාතනය skype ඇමතුමක් මගින් මෙහෙය වූ බවට තොරතුරු අනාවරණ වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

එය සෞදියේ කිරුළ හිමි මොහොමඩ් බින් සල්මාන්ගේ මාධ්‍ය උපදේශක සවුද් අල් කටානි විසින් මෙහෙයවා තිබේ.

ඔහු අදාළ ඇමතුම සෞදි අරාබියේ සිට තුර්කියේ ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලය වෙත යොමු කර ඇති බව අනාවරණය වී ඇත.

අදාළ ඇමතුම තුර්කි බලධාරීන් විසින් පටිගත කොට ඇති අතර, ජනාධිපති අර්ඩවාන් සතුව එහි පිටපතක් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

කටානි මීට පෙර ප්‍රකාශ කර ඇත්තේ තමා කිසිවිටෙකත් කිරුළ හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරුගේ අවසරයකින් තොරව කිසිවක් සිදුනොකරන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බොකෝ හරාම් සන්නද්ධ කණ්ඩායම් රඳවාගෙන සිටි සිවිල් වැසියන් නිදහස්

Mohamed Dilsad

ඇමරිකානු ජනාධිපතිවරණය හෙට – ජෝ බයිඩ්න් ඉදිරියෙන්

Mohamed Dilsad

පාකිස්තානයේ හිටපු හමුදා නායකයාට මරණ දඬුවම

Mohamed Dilsad

Leave a Comment