ප්‍රමුඛ පුවත 1

LTTE සලකුණ සහිත අත්පත්‍රිකා යාපනය පුරා බෙදයි

(UTV| කොළඹ) – දෙමළ මහජන සභාව නමින් LTTE සලකුණ යොදා අත් පත්‍රිකාවක් යාපනය නගරයේ බෙදා හැර ඇති බව වාර්තාවේ.

මෙම දෙමළ මහජන සභාවේ නායකත්වය දරන්නේ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතා විසිනි.

යාපනය ආරක්ෂක අංශ පැවසුවේ ඔක්තෝම්බර් 24 වැනිදා පැවැත්වීමට නියමිත රැස්වීමක් සම්බන්ධයෙන් දැනුවත් කිරීම වෙනුවෙන් අදාළ අත්පත්‍රිකාව බෙදා හැර ඇති බවයි.

මහා නැගිටීම,නායකයින්ගේ මාසයේ,දෙමළ ජනතා පෙරමුණ නායකයින්ගේ දෑත් ශක්තිමත් කිරීමට එක්වෙන ලෙසට අදාළ පත්‍රිකාවේ ලියා ඇති බවද ආරක්ෂක අංශ කියයි.

මේ අතර විග්නේශ්වරන් මහතා නායකත්වය දරන උතුරු පළාත් සභාවේ ධූර කාලය 24 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් නිමාවීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගල්කිස්ස ප්‍රදේශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර අත්අඩංගුවට

Mohamed Dilsad

බැදුම්කර පිළිබද වෝහාරික විගණන වාර්තා විවෘත නොකිරීමට පියවර

Mohamed Dilsad

වෛද්‍ය සාෆිට එරෙහි නඩුව දහවල් 1 දක්වා කල් යයි

Mohamed Dilsad

Leave a Comment