ප්‍රමුඛ පුවත 1

අගුණකොලපැලැස්ස විරෝධතාවය මෙහෙයවූ රැඳවියන් පිරිසක් මාරු කෙරේ

(UTV| කොළඹ) – පසුගියදා අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ ආරක්ෂක කටයුතු සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවූ අතර ඊට එරෙහිව පැවැත්වූ විරෝධතාවය මෙහෙය වූ බව කියන අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිටි රැඳවියන් 08 දෙනෙකු වෙනත් බන්ධනාගාරයකට මාරු කර හැරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඊයේ (24) පස්වරුවේ අදාළ රැඳවියන් වෙනත් බන්ධනාගාර වලට මාරු කර ඇති බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය සඳහන් කළේය.

එම රැදවියන් අතර ජුලම්පිටියේ අමරේ, තංගල්ලේ  මහේෂ් ඇතුළු හෙරොයින් හා මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් වරදකරුවන් වූ රැඳවියන් 08 දෙනකු සිටින බව සඳහන් වේ.

ඔවුන් කළුතර, ගල්ල, මාතර, කුරුවිට සහ මොණරාගල බන්ධනාගාර වෙත මාරු කර ඇති බව වාර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අලි රොෂාන් ඇතුළු 8ක් නඩුව අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

රද්දෝලුගමදී ඇල්ලු ගුවන් හමුදා නිල ඇඳුම්

Mohamed Dilsad

වැලිකඩ රැඳවියන් 27ක් ඝාතනය කල සිද්ධියේ විභාගයට නීතිපති ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment