ප්‍රමුඛ පුවත 1

තවත් ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කෙරේ

(UTV| කොළඹ) – අධික වර්ෂාවත් සමග වික්ටෝරියා, තබ්බෝව ඇතුළු ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මධ්‍ය කඳුකරයට ඇද හැලෙන වර්ෂාවත් සමග වික්ටෝරියා ජලාශයේ ස්වයංක්‍රීය වාන් දොරටු දෙකක් ඊයේ රාත්‍රියේ විවෘත වූ බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පැවසුවේය.

මීට අමතරව රන්දෙණිගල හා රන්ටැඹේ ජලාශ ද වාන් මට්ටමට ආසන්නව ඇති බව එම ජලාශය භාර ඉංජිනේරු කේ. ටි. බී රාජරත්න මහතා පැවසුවේ ය.

ඒ හේතුවෙන් එම ජලාශවලද ස්වයංක්‍රිය වාන් දොරටු ඉදිරි පැය කිහිපය තුළ විවෘත විය හැකි ය.

ඒ හේතුවෙන් රන්ටැඹේ ජලාශයට පහළ මහවැලි ගඟ භාවිත කරන්නන් විමසිලිමත් වන ලෙස මහවැලි අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මිනුවන්ගොඩ පහරදීමේ සිද්ධියට අදාල පුද්ගලයන් 13ක් අත්අඩංගුවට.

Mohamed Dilsad

පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේදී නීතිය ක්‍රියාත්මක කළයුතු ආකාරය පිළිබඳව නිවේදනයක්

Mohamed Dilsad

NTJ සැකකරුවන් 64ක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

Leave a Comment