ප්‍රමුඛ පුවත 1

රාජ්‍ය බැංකු අස්ථාවර වී නෑ- නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා

(UTV| කොළඹ) – කිසි ලෙසකින් රාජ්‍ය බැංකු අස්ථාවර වී නොමැති බවත් ලංකා බැංකුව, මහජන බැංකුව, ආයෝජන මණ්ඩලය ප්‍රතිසංවිධානය කිරීම අරඹා තිබෙන බවත් රාජ්‍ය ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

රාජ්‍ය බැංකුවට අලුතින් නිලධාරීන් බඳවාගනු ලැබුවේද? සෘජු විදේශ ආයෝජන ගැනීමේ ආයෝජන මණ්ඩලය ජනාධිපති නියමය පරිදි නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කරනු ලැබුවේ ද? යන්න පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ බව ඊයේ(25) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

කිසි ලෙසකින් රජ්‍ය බැංකු දෙක අස්ථාවර වී නෑ. කිසිම සෘජු විදේශ ආයෝජනයක් එළියට ගලාගෙන ගොස් නෑ.  ලංකා බැංකුව, මහජන බැංකුව, ආයෝජන මණ්ඩලය ප්‍රතිසංවිධානය  කිරීම අරඹා ඇත. නව අධ්‍යක්ෂ මණ්ඩල පත් කිරීම පිළිබඳව අවධානය යොමු වී තිබෙනවා. මහජන බැංකුවට සභාපතිවරයෙක් පත් කරමින් තිබෙනවා.  ලංකා බැංකුව, මහජන බැංකුව කිසිම අස්ථාවර තත්ත්වයක නෑ. ලංකාවේ වැඩිම විදෙස් ආයෝජන ලැබුණේ වසර 2017 දී. බිලියන 2.5ක් සෘජු විදෙස්ආයෝජන ලබාගැනීමට බලාපොරොත්තු වෙනවා. ” තනි කවුලව” ආයෝජන පහසුකම් ලබාදීම සඳහා  කාර්යසාධක බලකායක් ක්‍රියාත්මක කරනවා. ඒ සඳහා ආයතන 24 බද්ධ වූ ක්‍රමවේදයක් සකස් කිරීමට කටයුතු  කෙරෙනවා. සංචාරක, තොරතුරු තාක්ෂණය, සෞඛ්‍ය ආදී සේවා සඳහා ආයෝජන ප්‍රවර්ධනය කිරීමට වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මහජන බැංකුවේ සහ ලංකා බැංකුව ප්‍රතිසංවිධානය කෙරෙනවා යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවැසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලංකාවේ දෙවන ජාතික රෝහල අද නම් කෙරේ

Mohamed Dilsad

දේශපාලනයෙන් තොර බුද්ධි අංශයක් ගොඩනගනවා – සජිත් ප්‍රේමදාස [VIDEO]

Mohamed Dilsad

පැය 11ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment