ප්‍රමුඛ පුවත 1

UTV මාධ්‍යවේදී කණ්ඩායමට තර්ජනයක්

(UTV| කොළඹ) – කඳුරට ජනතාව විසින් ඊයේ ගාලු මුවදොර පිටියේ පැවැත්වූ ජනතා විරෝධතාවය ආවරණය කිරීමට ගිය UTV මාධ්‍යවේදී කණ්ඩායමට එහි සිටි කිසියම් පිරිසක් විසින් බාධා එල්ල කර තිබේ.

හදුනා නොගත් කණ්ඩායමක් මෙහිදී අප මාධ්‍යවේදීන්ට එම විරෝධතාවය ආවරණය කිරීමට ඉඩ නොදී ඔවුන්ගේ කටයුතු වලට බාධා කරමින් පවසා ඇත්තේ තමන්ට වුවමනා පරිදි එම ජනතාවගෙන් හඬ පට ලබා ගත නොහැකි බවයි.

ඔවුන් පෙන්වන පුද්ගලයින්ගෙන් පමණක් හඬ පට ලබා ගන්නා ලෙස එම පිරිස අප මාධ්‍යවේදීන්ට පවසා ඇත.

කඳුරට ජනතාවගේ දෛනික වැටුප ප්‍රමාණවත් නොවන බවත් ඔවුන්ට සාධාරණයක් ඉටුවියුතු බවටත් මීට සති කිහිපයක සිට UTV ඔස්සේ අදාළ බලධාරීන්ගේ අවධානයට ලක් කළේය.

නමුත් එම විරෝධතාවය ආවරණය කිරීමට ගිය අවස්ථාවේ අප නියෝජිතයින්ට එම ජනතාවගෙන් එල්ල වුයේ මෙවන් විරෝධතාවයකි.

එම වීඩියෝව පහතින්…

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලෝ පුරා කොරෝනාවෙන් මිය ගිය ගණන 6000 ඉක්මවයි – ආසාදිතයින් එක්ලක්ෂ 69,415

Mohamed Dilsad

2017 වසරට සාපේක්ෂව 2018 දී කාන්තා ශ්‍රමිකයින් විදේශ ගතවීම පහළට…

Mohamed Dilsad

තුන්වන පාසල් වාරය අවසන්

Mohamed Dilsad

Leave a Comment