ප්‍රමුඛ පුවත 1

රාජ්‍ය මාධ්‍ය ආයතන සඳහා නව සභාපතිවරුන් පත් කෙරේ

(UTV| කොළඹ) – ප්‍රධාන රාජ්‍ය මාධ්‍ය ආයතනයන්හි වැඩබලන සභාපතිවරුන් තිදෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි පත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව නව සභාපති (වැ.බ) ලෙස නීතිඥ  සරත් කෝන්ගහගේ, ස්වාධීන රූපවාහිනී සේවය හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපති (වැ.බ) ලෙස ආචාර්ය සෝමරත්න දිසානායක සහ සී/ස එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ නව සභාපති (වැ.බ) වසන්ත ප්‍රිය රාමනායක යන මහත්වරුන් පත්කර තිබේ.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/10/IMG_20181028_220408.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බස් ගාස්තු වැඩි කිරීම යෝජනාව කැබිනට් මණ්ඩලයට

Mohamed Dilsad

මෙරට බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු වලට බ්‍රිතාන්‍යයේ අඛණ්ඩ සහය

Mohamed Dilsad

ශ්‍රීලනිප සහ පොහොට්ටුව අතර අවබෝධතා ගිවිසුමක්

Mohamed Dilsad

Leave a Comment