Trending News

වැඩි මිලට විකුණු සහල් කිලෝ 3590ක් සොයා ගැනේ

(උදයම්,කොළඹ)  – පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන්  පසුගිය දින දෙක තුල සිදුකල වැටලීම් 159 කදී සහල් කිලෝ 3600කත ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනේ.සහල් සඳහා පාලන මිලක් නියම කර තිබිය දී වැඩි මිලට සහල් විකුණන ස්ථාන සොයා පසුගිය සිකුරාදා සහ සෙනසුරාදා දිනයන්හි කරන ලද වැටලීම්වල දී එවැනි ව්‍යාපාරික ස්ථාන 63ක් හමුවූ බවත්, කල් ඉකුත්වූ සහල් කිලෝ 3590ක් කොළඹින් හා අකුරණින් අත්අඩංගුවට ගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

පාරිභෝගික අධිකාරිය පවසන්නේ ගතවූ පැය 48 ඇතුළත දිවයින පුරා වැටලීම් 159ක් සිදුකළ බවයි. මෙහිදී වැඩි මිලට සහල් විකුණන බවට ලැබුණු පැමිණිලි අනුව සහ ඇතිවූ සැකකටයුතු ස්ථාන මෙලෙස වැටලීම් කරන ලදී.

ඒ අනුව කොළඹ පිටකොටුවේ තොග වෙළෙඳ සැල් කිහිපයක තිබී කල් ඉකුත් වූ රතු නාඩු සහල් කිලෝ ග්‍රෑම් 800ක්, සම්බා කි‍ලෝ ග්‍රෑම් 850ක් සහ කීරි සම්බා කිලෝ ග්‍රෑම් 900ක් සිකුරාදා සවස  අත්අඩංගුවට ගන්නා ලදී.

සෙනසුරාදා අකුරණ නගරයේ දුනුවිල මාර්ගයේ පිහිටි වෙළෙඳ සැළක තිබී කල් ඉකුත්වූ සහල් කිලෝ 1040ක් අත්අඩංගුවට ගැනීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීහු සමත්වූහ.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා පවසන්නේ ආනයනික සහල් සහ දේශීය සහල් සඳහා උපරිම සිල්ලර මිල නියම කිරීමේ දී ගොවීන්, වී මෝල් හිමියන්, ආනයන කරුවන්, තොග වෙළෙන්දන් හා සිල්ලර වෙළෙන්දන් සියලු දෙනාම එකඟ වූ මිලක් නියම කර ඇති බවයි. කිසිදු ආකාරයකින් වැඩි මිලට සහල් විකිණිය නොහැකි බවත් එවැනි ස්ථාන වටලා නීතිමය පියවර ගන්නා ලෙස පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් දී ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ. එමෙන් ම කල් ඉකුත් වූ හෝ නරක් වූ හෝ සහල් විකිණීම ද බරපතල වරදක් බව අමාත්‍යවරයා පවසයි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා පවසන්නේ සහල් වැඩි මිලට විකුණන ස්ථාන පිළිබඳ ජනතාවගෙන් පැමිණිලි ලැබෙමින් තිබෙන බවයි. එම ස්ථාන ඉක්මණින් වැටලීමට අධිකාරියේ නිලධාරීන් සියලු දෙනාට උපදෙස් දී ඇති බව ද වැටලීම් සිදුකරන බැවින් බොහෝ ව්‍යාපාරික ස්ථානවල සහල් නියමිත පාලන මිලට ලබාගත හැකි බව ද තිලකරත්න මහතා කියා සිටියේය.

වැඩි මිලට සහල් විකුණූ ව්‍යාපාරිකයන් සහ කල් ඉකුත්වූ සහල් විකුණූ ව්‍යාපාරිකයන්ට අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇතැයි ද පාරිභෝගික අධිකාරිය පවසයි.

Related posts

இலங்கையில் களமிறக்கப்பட்டுள்ள ஆயிரக்கணக்கான இராணுவத்தினர்…

Mohamed Dilsad

சூரியன் இலங்கையில் உச்சம் கொடுக்கும் நாள் ஆரம்பம்…

Mohamed Dilsad

Rural economy to be developed -Premier

Mohamed Dilsad

Leave a Comment