ප්‍රමුඛ පුවත 1

රජයේ වැඩබලන මුද්‍රණාලාධිපතිනිය අද ජනාධිපති කොමිසම හමුවට

(උදයම්,කොළඹ) –  වත්මන් රජය යටතේ නිකුත් කළ භාණ්ඩාගාර බැඳුම්කරවලට අදාළ ගැසට් පත්‍රය ප්‍රකාශ කළ දිනය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව විසඳා ගැනීම සඳහා කරුණු විමසීමට රජයේ වැඩබලන මුද්‍රණාලාධිපතිනිය ගංගානි ලියනගේ මහත්මිය අද ජනාධිපති කොමිසම හමුවට යාමට නියමිතයි.

ඒ අනුව ඇය පෙරවරු 10 ට කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිත බව වාර්තාවේ.

මෙම ආන්දෝලනාත්මක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවට අදාළව චක්‍රලේඛය සම්බන්ධයෙන් මතුවූ ගැටළුවක් මත පසුගිය බ්‍රහස්පතින්දා මෙම කොමිසමේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කෙරුණි.

මේ අතර ඒකාබද්ධ විපක්ෂය අද පෙරවරුවේ කොළඹ මහ බැංකු සංකීර්ණය ඉදිරිපිට විරෝධතාවකටද සූදානම්ව සිටි.

ඒ බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමේ සාක්ෂි විමසීම සාධාරණ අයුරින් ඉටු නොවන බව පවසමිනි.

Related posts

කැළණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

Mohamed Dilsad

හිටපු SDIG රවි විජේගුණවර්ධන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

Mohamed Dilsad

වැල්ලවත්තේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 19 දෙනෙකු රෝහලේ(update)

Mohamed Dilsad

Leave a Comment