(උදයම්,කොළඹ) – 2017 ජාතික නීති සතිය අද (27) ආරම්භ වේ.
මෙවර එහි තේමාව වී ඇත්තේ “යුක්තිය ඔබ වෙත“ යන්නය.
එම සතිය අද(27) සිට මාර්තු මස 05 වන දක්වා ක්‍රියාත්මක වේ.
නීතිමය කරුණු පිළිබඳ මාධ්‍යවේදීන්, බැංකු නිලධාරින්, කලාකරුවන් සහ ගෘහ නිර්මාණ ශිල්පින් වැනි විවිධ ක්ෂේත්‍ර වල පිරිස් දැනුවත් කිරීම මෙම නීති සතියේ අරමුණ වී තිබේ.