ප්‍රමුඛ පුවත 1

අද කොළඹට එන අය මේ මාර්ග පිළිබඳව දැනුවත් වන්න

(UTV| කොළඹ) – නව ආණ්ඩුවට සහාය පළ කරමින් පාර්ලිමේන්තු වටරවුම අසලදී අද(05) පැවැත්වීමට නියමිත ‘ජන මහිමය’ ජනතා උද්ඝෝෂණය හේතුවෙන් ඒ අවට සියලු ආරක්ෂක විධි විධාන සලසා ඇති බව පොලිසිය පවසයි.

මේ අතර එම ජනතා උද්ඝෝෂණය පැවැත්වෙන කාලසීමාව තුළ විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක වන බව අද(04) පැවති මාධ්‍ය හමුවේදී පොලිස් රථවාහන කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

ඒ අනුව කඩුවෙල, අතුරුගිරිය, මාලබේ සිට බත්තරමුල්ල හරහා කොළඹ දෙසට ගමන් කරන වාහන කොස්වත්ත හංදියෙන් හෝ බත්තරමුල්ල හංදියෙන් වමට ගමන් කර පාලම් තුන හංදිය, කියන්හෑම් වටරවුම, ජපන් මිත්‍රත්ව පාර, කිඹුලාවල හංදි‍ය, පිටකෝ‍ට්ටේ හංදිය, පාගොඩ පාර ඔස්සේ නාවල හංදිය හෝ නාරහේන්පිට දෙසට ගමන් කර කොළඹට ඇතුළු විය හැක.

එසේම කොළඹ සිට මාලබේ, කඩුවෙල, අතුරුගිරිය දෙසට ගමන් කරන වාහන ආයුර්වේද වටරවුමෙන් ඉදිරියට ගමන් කර බුත්ගමුව පාර, අඹගහහංදිය, කළුපලුවාව පාර, හීනටිකුඹුර පාරෙන් කොස්වත්ත හංදියට ගමන් කර අතුරුගිරිය දෙසට ගමන් කළ හැකි බව අනාවරණය වෙයි.

මේ අතර පන්නිපිටිය, හෝකන්දර සිට තලවතුගොඩ හරහා කොළඹට ඇතුළු වන වාහන තලවතුගොඩ හංදිය, කිඹුලාවල හංදිය, පිටකෝට්ටේ හංදිය, පාගොඩ පාර ඔස්සේ නාවල හංදිය හෝ නාරහේන්පිට දෙසට ගමන් කර කොළඹට ඇතුළු විය හැක.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මරණ දඬුවම් තීන්දුව කල් යයි

Mohamed Dilsad

අද එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සාකච්ඡා දෙකක්

Mohamed Dilsad

ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් පොලිස් කොස්තාපල්වරයෙකුට තුවාල

Mohamed Dilsad

Leave a Comment