ප්‍රමුඛ පුවත 1

113 ක බහුතරය සම්පුර්ණයි – ජනපති

(UTV| කොළඹ) – නව අග්‍රාමාත්‍යවරයාට පාර්ලිමේන්තුවේ 113 ක බහුතරය සම්පූර්ණ වී ඇතැයිද ,ඒ ගැන සැකයක් ඇති කර ගත යුතු නැතැයි ජනාධිපතිවරයාට සහ නව අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහය දැක්වීම සඳහා බත්තරමුල්ල පාර්ලිමේන්තු වටරවුමේදී  පැවැති  ‘රටම රකින ජනරැලිය‘  අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

‘අගමැති ධුරය බාර ගන්න යැයි මාස 8 කට පෙර කතා නායක කරූ ජයසුරිය මහතාට  තමා  වැන්දේ නැති ටිකවිතරක් යැයිද   ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ක්‍රියාකලාපයන් රටට ගැලපෙන්නේ නැති බවත්  තමාට ඔහු සමඟ වැඩ කළ නොහැකි බවත් කතානායකවරයාට  දැනුම් දී ඔහුට අගමැති පුටුව බාරගන්නා ලෙස  ඉල්ලීම කළත් නායකවරයාට  පිටුපෑමට නොහැකි බව කියමින් කතානායකවරයා එම තනතුර ප්‍රතික්ෂේප කළ බවත්  ජනාධිපතිවරයා පැවසීය.

එමෙන්ම පක්ෂයේ නියෝජ්‍ය නායක  සජිත්  ප්‍රේමදාස මහතාටද එම ආරාධනාව කළ නමුත් ඔහුද එය ප්‍රතික්ශේප කළ බැවින් රටට මේ මොහොතේ අවශ්‍යම නායකත්වය  ව්‍යවස්ථානුකූලව නව අගමැති ධුරය මහින්ද රාජපක්ෂ මහතාට  ලබා දුන් බවද හෙතෙම පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වු  ජනාධිපතිවරයා මෙසේද පැවසීය.

මා ඉතාමත් සතුටු වෙනවා වසර 4 කට පසුව මේ රටේ නැවත මහින්ද රාජපක්ෂ අගමැතිතුමාටත්  මමත් එකම වේදිකාවකට  එන්නට ලැබීම සම්බන්ධයෙන් . නොවැම්බර් මාසය ලංකාවේ පුදුම මාසයක් 2014  නොවැම්බර්  21 තමයි මම ලංකා නිදහස් පක්ෂයෙන්  මහින්ද රාජපක්ෂ  ආණ්ඩුවෙන් ඉවත් වුනේ. අද  ආපහු  නොවැම්බර් මාසයේම  එකම වේදිකාවකට ආවා.

මේ රටේ අගමැති ධුරයේ  හිටපු රනිල් වික්‍රමසිංහ මහතා  ව්‍යවස්ථානුකුලව ඉවත් කරලා , අගැමැති ලෙස මහින්ද  රාජපක්ෂ මහතා පත් කළේ ව්‍යවස්ථානුකූලවයි. මේ කළේ පුටු දෙකක් මාරු කරපු එක නෙවෙයි. ශරීර දෙකක් මාරු කරපු එකත් නෙවෙයි.  මේ මාරු වුණේ රටට අහිතවත් නොගැලපෙන නායකත්වයක්.

අපේ සිතුම් පැතුම් නොහඳුනන නායකත්වයක්. විදේශ ප්‍රතිපත්තිවලට දර්ශනයට  වැඩ කරන  නායකත්වයක්. මේ අගමැති  පුටුවට පත් කළේ දේශියත්වයට අපේ සංස්කෘතියට වැඩ කරන නායකත්වයක්.විදේශ ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කරන  සැබෑ මිනිසෙක් .

මාස 8 කට පෙර කතානායක කරු ජයසුරිය මහත්තයට මං කිව්වා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ ප්‍රතිපත්ති ගැලපෙන්නෑ,  ඔහුගේ  වැඩ ගැලපෙන්නැ. ඒ දර්ශනය රටට ගැලපෙන්නේ  නෑ කියලා. මට ඔහු එක්ක වැඩ කරන්න බැහැ කියලා. ඒ එක්කම මං කතානායකවරයාට කිව්වා  අගමැති තනතුර බාර ගන්න කියලා .මං වැන්දේ නැති ටික විතරයි.නමුත් ඔහු රනිල් වික්‍රමසිංහ මහත්තයට පිටින් යන්න බැහැ කිව්වා.

පසුව  එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහත්තයට ගෙදරට එන්න කියලා මං කිව්වා  මේ ටිකම .ඔහුටත් අගමැතිවෙන්න ආරාධනා කළා. ඇති වෙන ප්‍රශ්න මං බලා ගන්නම් කිව්වා  නමුත් ඔවුහුත්  එය බාර ගත්තේ  නෑ.

ඒ නිසා මං කල්පනා කලා රටට ගැලපෙන නායකයෙක් හොයන්න . ඒ  ගැන තීරණය කරන්න . ඒ නිසා තමයි  මට ගැලපෙන  මනුස්සයෙක්   විදියට  සජිත් ප්‍රේමදාස මහත්තයා  එපා කියපු  අගමැතිකම   මහින්ද රාජපක්ෂ මහත්තයට ලබා දුන්නේ.

මම තනියම මේ තීන්දු තීරණ ගත්තේ නෑ. ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව ගැන  දන්න නීතී  විශාරදයින් එක්ක මේ   ගැන කතා කරලා ව්‍යවස්ථානුකූලව මහින්ද රාජපක්ෂව මේ ධුරයට පත් කරලා   හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ඉවත් කළේ.  ඒ ගැන නීතිමය ගැටලුවක් ඇතිනම්  අධිකරණයට යන්න පුළුවන් . 113 ගැන සැක හිතන්න එපා   ඒක හදලා ඉවරයි.

අපි මේ වෙලාවේ ගත්ත තීන්දුව නිවැදියි .ජනතා බලවේග එක්ක සෙල්ලම් කරන්න එපා. ජනතා හෘද සාක්කිය තේරුම් අරන් වැඩ කරන්න. කළ යුතු වෙනස්කම් ඉදිරියේදී කරනවා. ආර්ථික ප්‍රශ්න විසඳිම උතුරේ ප්‍රශ්න විසඳිම අලුත් ආණුඩුවක් විදියට  ඒ සියලු දේ වෙනුවෙන් කැප වෙනවා.

පවතින දේශපාලන තත්ත්වය හමුවේ   කිසිම ගැටුමක් ඇති කරගන්න එපා සෑම කෙනෙක්ම සාමයට කැපවෙලා වැඩ කරන්න. ජාතික සම්පත් රැකගැනීමට කැප වෙන්න.  දේශපාලන ප්‍රතිවාදීන්ට කරුණු පැහැදිලි කරන්න . මොන බලවේග තර්ජන ආවත්,  පීඩා ආවත් ඉදිරියට තැබු පය,  ගත්ත තීන්දු ඉදිරියට යනවා මිස ආපස්සට ගන්නේ නැ.‘ යනුවෙන් පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලාල්කාන්ත අද අධිකරණය හමුවට…

Mohamed Dilsad

තමන් අපේක්ෂා කළ ප්‍රතිඵලය නොලැබුණු බව අනුර කියයි

Mohamed Dilsad

දුම්රිය ගාස්තු සංශෝධනයක් ළඟදීම

Mohamed Dilsad

Leave a Comment