ප්‍රමුඛ පුවත 1

ස්වාධීනව ඉඳ මහින්දට සහය දෙනවා – කුමාර වෙල්ගම

(UTV| කොළඹ) – තමන් පාර්ලිමේන්තුව තුළ ස්වාධින මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කරන බව කුමාර වෙල්ගම මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ පවතින අර්බුධකාරී තත්ත්වය හේතුවෙන් රට බරපතළ අර්බුදයකට මුහුණ දී සිටින බවයි.

සිය ස්ථාවරය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

ඔහු වැඩිදුරටත් මෙසේ පැවසීය.

අපි ගොඩක් සන්තෝස වෙනවා මහින්ද රාජපක්‍ෂ මැතිතුමා අගමැති විදියට පත් කරපු එකට. නමුත් අපිට මේක මීට වැඩිය හොඳ විදියකට විසඳගන්න තිබුණා”

“රටට හරියාකාර අනාගතයක් ඕන නම් ඉස්සෙල්ලාම මේ අගමැති කව්ද කියන එක විසඳගන්න ඕන”

“මහින්ද මහත්තයාට 113 තියෙනවා. මම මගේ චන්දය දෙනවා 113 පෙනන්න. තුනෙන් දෙකටත් චන්දෙ දෙනවා”

“ඒත් මම ඇමතිකම් භාරගන්නේ නෑ. ඇඳුමක් ඇදගෙන කොහොමද මේ කැබිනට් එකත් එක්ක එකට වාඩි වෙන්නේ” යනුවෙන් ඔහු පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නව අගමැතිධුරයේ දිවුරුම් දීම අද

Mohamed Dilsad

මෙරට වීසා නොමැතිව රැඳීසිටි විදේශිකයන් 13 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

සිංහල මිනිසුන් ජාතිවාදීන් නොවේ – වී. රාධක්‍රිෂ්ණන්

Mohamed Dilsad

Leave a Comment