ප්‍රමුඛ පුවත 1

ධීවරයින්ට කාලගුණ අංශයෙන් අනතුරු ඇඟවීමක්

(UTV| කොළඹ) –  ධීවර කටයුතු සඳහා එම ප්‍රදේශ වෙත යාමෙන් වළකින්නැයි ධීවර දෙපාර්තමේන්තුව ධීවරයින්ට උපදෙස් ලබා දෙයි.

ඒ බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය හේතුවෙනි.

දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශ භාවිතයේදී ද වඩාත් විමසිලිමත් විය යුතු බවට සියලු ධීවරයින්ට මේ වන විට දැනුම් දී ඇත.

දිවයිනට නිරිත දෙසින් පවතින අඩු පීඩන කලාපය ක්‍රමයෙන් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතී. නමුත් මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන්, දිවයිනට නිරිත දෙසින් වන මුහුදු ප්‍රදේශවල දැනට පවතිනවැසි තත්ත්වය සහ අහස වලාකුලින් බර ස්වභාවය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයින වටා මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට තද වැසි හෝ ගිගුරුම් සහිත වැසිබලාපොරොත්තු විය හැක.

පොතුවිල් සිට ත්‍රිකුණාමලය, කන්කසන්තුරය සහ පුත්තලම හරහා හලාවත දක්වා මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දිශාවෙන් හමන අතර සෙසු මුහුදු ප්‍රදේශවල සුළං වයඹ සිට නිරිත දක්වා වන දිශාවලින් හමා එයි.

දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කී.මී. 30-40 පමණ වේ. මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා ගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50-60දක්වා වැඩිවිය හැක. එවිට එම මුහුදු ප්‍රදේශ රළු විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති  වන අවස්ථාවලදී  සුළං වේගය ක්ෂණිකව (පැ.කි.මී. 70-80 පමණ) ඉහළ යාමට ඉඩ ඇති හෙයින් එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් පවතී.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජනපතිවරණ පනත සංශෝධනය සඳහා වූ කමිටුව රැස් වේ

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය භාවිත කරමින් ෆේස්බුක් සාදයක් පවත්වන්නට ගිය පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

හෙට සිට ජාතික මදුරු මර්දන සතියක්

Mohamed Dilsad

Leave a Comment