ප්‍රමුඛ පුවත 1

හෙට සිට වැසි අඩුවන ලකුණු

(UTV| කොළඹ) – පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් හෙට දිනයේ සිට අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද දිනයේදීත් බස්නාහිර, දකුණු, සබරගමුව සහ මධ්‍යමපළාත්වල තැනින් තැන සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිඇති වේ.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් තත්ත්වයක් ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

මේ අතර දිවයිනට බලපා ඇති අධික වැසි හේතුවෙන් මේ වනවිට දිස්ත්‍රික්ක 13 ක පවුල් 7916 ක පුද්ගලයින් 27,949 කට අධික පිරිසක් පීඩාවට පත්ව සිටින බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

එසේම, කළුතර, නුවරඑළිය හා මාතලේ යන දිස්ත්‍රික්ක සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කළ නායයාමේ අනතුරු ඇඟවීම ද තවදුරටත් ක්‍රියාත්මකයි.

අධික වර්ෂාපතනයත් සමඟ මුලතිව් සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල ජලාශවල ජල මට්ටම් ඉහළ ගොස් ඇති අතර, මාර්ග රැසක් ජලයෙන් යටව පවති.

මේ අතර, අධික වැසි සමඟ පොළොන්නරුව, තඹලවැව වාන් මට්ටමට පැමිණ ඇති බව සඳහන්වේ.

පොළොන්නරුව පූජා භූමියට අයත්, ශිව දේවාලයේ අංක 01 බැම්ම ගැලවී ගොස් ඇති අතර, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පොළොන්නරුව කාර්යාලයේ නිලධාරින් හා මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරින් එක්ව එම ගල් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රත්ගම ව්‍යපාරික ඝාතනයට සම්බන්ද සැකකරුවන් 17දෙනා යලි රිමාන්ඩ්.

Mohamed Dilsad

ඩොලරය යළි පහල බසී

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන මූල්‍ය නිලධාරී අත්අඩංගුවේ

Mohamed Dilsad

Leave a Comment