ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකාවේ දේශපාලන තත්වය ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධානයෙන්..

(UTV| කොළඹ) – ශ්‍රී ලංකාවේ පවතින දේශපාලනික තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ ප්‍රකාශකවරයා නිවේදනයක් නිකුත් කරයි.

ෆර්හාන් හක් සිය නිවේදනය මඟින් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව විසිරුවා හැර, 2019 වර්ෂයේ මීළඟ මහ මැතිවරණය පැවැත්වීම සඳහා, ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා වන මෛත්‍රිපාල සිරිසේන මහතාගේ තීරණය වෙත එක්සත් ජාතීන්ගේ මහා ලේකම්වරයාගේ අවධානය යොමුව ඇති බවයි.

ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයන් වලට අනුව, දේශීය ආයතන පද්ධතියට ගැලපෙන පරිදි නීතියේ ආධිපත්‍යට හා නිසි ක්‍රියාවලියට ගරු කරමින් උද්ගත වී ඇති මතභේදාත්මක තත්ත්වය විසඳා ගැනීමේ වැදගත්කම මහා ලේකම්වරයා අවධාරණය කරන බව සිය ලිපිය මගින් දැනුම් දෙයි.

සාමය සහ ශ්‍රී ලාංකික ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරමින් මානව හිමිකම්, යුක්තිය හා සාධාරණත්වය සහ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය සුරැකෙන පරිදි කටයුතු කරන ලෙස මහා ලේකම්වරයා ශ්‍රි ලංකා රජයට නැවත සිහිපත් කර සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහේෂ් නිශ්ශංක ඇප මත නිදහස්

Mohamed Dilsad

හජ්ජි උත්සවය ‌වෙනුවෙන් ජනපති හා අගමැතිගෙන් සුභාශිංසන පණිවිඩ

Mohamed Dilsad

ශ්‍රීලනිපය – පොහොට්ටුව ඇතුළු දේශපාලන පක්‍ෂ ගිවිසුම් ගතවෙයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment