ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණයට එරෙහි පෙත්සම් විභාගය අද දෙවන් දිනටත්

(UTV| කොළඹ) – පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කර පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධි යැයි ප්‍රකාශයට පත් කරන්නැයි, ඉල්ලා ඉදිරිපත් වූ පෙත්සම් විභාගය අද දෙවන දිනටත් පැවැත්වේ.

නීතිපතිවරයා මේ සම්බන්ධයෙන් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ, කරුණු දැක්වීමට නියමිතව ඇති බව වාර්තාවේ.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව පෙත්සම් 13 ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්වූ අතර හිටපු විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා ඉදිරිපත් කළ පෙත්සම පළමුව සලකා බැලිණ.

එහිදි ඔහු වෙනුවෙන් කරුණු දැක්වූයේ නීතිඥ එස්. කනගේෂ්වරන් මහතා පැවසුවේ පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන් ඉල්ලීමක් කළ හොත් පමණක් මිස පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලයක් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරයාට නොමැති බවයි.

එසේ නොකර තම අභිමතය පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරිම ජනමතය නොසලකා හැරීමක් බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ, ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තිරණය ජනතා පරිමාධිපත්‍යට එල්ල කළ අතුල් පහරක් බවයි.

පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්තකින් තොරව වසර හතර හමාරකට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරිමේ බලය 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (1) ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට අහිමිකර ඇති බවත් ඒ බව නොසලකා කටයුතු කිරීම පාර්ලිමේන්තුව පමණක් නොව සමස්ත සමාජයේ ම අරාජික කිරීමක් බව ද දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා වෙනුවෙන් පෙනි සිටි ජනාධිපති නීතිඥ එස්. කනගේෂ්වරන් මහතා අධිකරණයට පෙන්වා දුන්නේ ය.

දෙවැනි පෙත්සම්කාර එක්සත් ජාතික පක්ෂ සභාපති කබීර් හෂිම් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතිඥ තිලක් මාරපන මහතා ද ජනාධිපති නිතිඥ එස්. කනගේෂ්වරන් මහතාගේ කරුණු දැක්වීම අනුමත කරමින් විනිසුරු මඩුල්ල හමුවේ කරුණු දැක්වීය.

ජනතා විමුක්ති, පෙරමුණ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය ප්‍රජාතන්ත්‍රවාදි ජනතා පෙරමුණ නියෝජනය කරමින්, රවුෆ් හකීම්, රිෂාඩ් බදුයුර්දීන්, මනෝ ගනේෂන්, අනුර කුමාර දිසානායක යන මහත්වරුන් මෙන්ම විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු නිතිඥ අරුණ ලක්සිරි , නිතිඥ ලාල් විජේනායක, නිතිඥ ජී. සී. ජේ. පෙරේරා, නීතිඥ ඉන්දික ගාල්ලගේ ඇතුළු පිරිසක් ද පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව පෙත්සම් ගොනු කර තිබේ.

මීට අමතරව ජාතික මැතිවරණ කොමිසමේ සමාජික රත්නජිව හූල් මහතා ද පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පිරිමි විදුහලක සිසුන් පිරිසක් බාලිකා විදුහලකට කඩාවැදීම පිළිබඳව පොලිස් පරීක්ෂණ

Mohamed Dilsad

අර්ජුන මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකාවට භාර දෙන්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

සා.පෙළ නැවත සමීක්ෂණය 07 වනදාට පෙර

Mohamed Dilsad

Leave a Comment