ප්‍රමුඛ පුවත 1

ඇමති මංගල අද ජිනීවා සමුළුව අමතයි

(උදයම්,කොළඹ)  – මෙරට විදේශ කටයුතු අමාත්‍යවරයා අද(28) 34 වන ජීනිවා මානව හිමිකම් සමුළුව ඇමතීමට නියමිතය.

ඒ අනුව ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබදව සහ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා ක්‍රියාත්මක කර ඇති ආකාරය පිළිබදව මෙහිදි විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් පැහැදිළි කිරීමට නියමිතව තිබේ.

මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාර්තා කිහිපයක් ඉදිරිපත් වීමට නියමිත බව වාර්තාවේ.

34 වන ජීනිවා මානව හිමිකම් සමුළුව ඊයේ(27) දින  ආරම්භ වු අතර එය ලබන 24 වන දින දක්වා පැවැත්වේ.

Related posts

ඊජිප්තු ජනරජයේ 66 වැනි නිදහස් දින සැමරුම කොළඹදී

Mohamed Dilsad

ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය සහ සිවිල් සමාජ සංවිධාන අතර අවබෝධතා ගිවිසුමක්

Mohamed Dilsad

බෙලෙක් සමන්ට කුලියාපිටිය ප්‍රදේශයේදී වෙඩි ප්‍රහාරයක්

Mohamed Dilsad

Leave a Comment