Trending News

කථානායකවරයා මුලසුනින් නැගිට යයි (update)

කථානායක කරූ ජයසුරිය මහතා මීට ස්වල්ප වේලාවකට පෙර මුලසුනෙන් නැගිට ගියේය.
දිලුම් අමුණූගම මහතා තුවාල ලබා ඇති බවද අප වාර්තාකරු කියයි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවෙන් ඉවත්ව යාමට කළහ.

++++++++++++++++(update)

පාර්ලිමේන්තුව නොසන්සුන් (update)

පාර්ලිමේන්තුව තුල මේ වන විට නොසන්සුන් තත්වයක් ඇතිව පවතින බව අප වාර්තා කරු කියයි.

++++++++++++++++(update)

මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රකාශය..(update)

“මම තමයි අගමැති. ජනාධිපතිකම් කරලා තියෙනවා. ජනාධිපතිකම් කරලා තියෙනවා. අගමැතිකම ලොකු දෙයක් නෙමෙයි මට. හිතන්න එපා අගමැතිකමට කතා කරනවා කියලා.
මම තමයි අගමැති. ජනාධිපතිකම් කරලා තියෙනවා. ජනාධිපතිකම් කරලා තියෙනවා. අගමැතිකම ලොකු දෙයක් නෙමෙයි මට. හිතන්න එපා අගමැතිකමට කතා කරනවා කියලා. කුඩා කාලේ ඉඳන් පාර්ලිමේන්තු ආවා. ඉපදිච්ච දවසේ ඉඳන් පාර්ලිමේන්තු ඇවිත් තියෙනවා. ඊයේ වගේ දවසක් මම දැකලා නෑ.
පසුගිය ඔක්තෝබර 26 වෙද්දී ජනතාව හිටියේ ලොකු පීඩනයකින්. ඉන්ධන මිල සූත්‍රය හා රුපියලේ කඩා වැටීම, බදු බර, මහබැංකු මංකොල්ලය, දෙගුනයක් වැඩිවුණු පොලී අනුපාතය, රජයේ දේපොළ විදේශිකයන්ට විකිණීම සැරසීම, විදෙස් ගිවිසුම්වලට පිවිසීම, ආයෝජකයන්ගෙන් මහා පරිමාණ කොමිස් ඉල්ලීම. අපි දැක්කා ජනාධිපතිතුමා එජාපෙ ආර්ථික කළමනාකරණ කොමිසම විසිරෙව්වා.
ජනාධිපතිවරයා ඝාතනය කරන්න කුමන්ත්‍රණය කළැයි කියන කතාව සාක්කිත් එක්ක අපිට අහන්න ලැබෙන්නේ. මේ තත්ත්වය එක්ක තමයි ජනාධිපතිවරයා තීරණය කළේ ආණ්ඩුවෙන් එජානිසය ඉවත් වෙන්න. ඒ එක්කම පැවතුණු ආණ්ඩුව විසිරෙව්වා. ඉන් පස්සේ ජනාධිපතිවරයා මට ආරාධනා කළා ආණ්ඩුවක් පිහිටුවන්නයි කියලා.මට තිබ්බා ඒක පිළිගන්න හා ප්‍රතික්ෂේප කරන්න.
මට ඕන නම් කියන්න තියන්න තිබ්බා යූඇන්පිය අවුරුදු හතරක් හිටපු විදියට ඉතුරු ටිකත් හිටපු දෙං කියලා. තව අවුරුද්දයි තිබුණේ. අපි තමයි විපක්ෂයේ ප්‍රධාන විපක්ෂ බලවේගය විදියට හිටියේ. අපිට යුතුකමක් තිබ්බා ජනාධිපතිතුමා අපිට වගකීම බාරදෙන කොට ඒ වගකීම බාර ගන්න.
2015 ජනවාරියේ ඉඳලා එජාපයේ විදේශ විනිමය නම විතරක් ඇමෙරිකානු ඩොලර් බිලියන 21ක් අරගෙන තියෙනවා. මට ණය ණය ණය කියනවා. මේ ඉවක් බවක් නැතිව ණය ගැනීම තමයි වින්නැහිය. අපි පිහිටෙව්වේ අන්තර්කාලීන අය වැයක් විතරයි. අපි ඒකාබද්ධ විපක්ෂය විදියට මහ මැතිවරණයක් ඉල්ලා හිටියා. පැවැති ආණ්ඩුව මැතිවරණ සිතියම අකුළාගත්තා.
පළාත් පාලන මැතිවරණය පවත්වන්න අවුරුදු තුනක් ගියා. අද වෙනකොට සබරගමුව, උතුරු සහ නැගෙනහිර පළාත් සභා විසිරුවලා. නමුත් ඡන්දය නෑ. ජනාධිපතිතුමා තමාට හිමි බලතල අනුව ඡන්දයක් කැඳෙව්වා. ලංකා ඉතිහාසයේ පළමු වතාවට එජාපය ජවිපෙ උසාවි ගියා ඡන්දයට එරෙහිව……(යාවත්කාලීන කෙරෙමීන් පවතියි)

++++++++++++++++(update)

මහින්ද රාජපක්ෂ මහතා සිය ප්‍රකාශය සිදු කරයි..(update)
මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට සිය විශේෂ ප්‍රකාශය සිදු කරමීන් සිටියි.
++++++++++++++++(update)

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමීණෙයි.
අද (15) පැවැත්වෙන පාර්ලිමේන්තු සභාවාරය සඳහා සහභාගි වීම සඳහා අග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුව වෙත පැමීණි බව අප වාර්තාකරු පවසයි.

Related posts

US prosecutors seek $14bn seizure from drug lord El Chapo

Mohamed Dilsad

Fire broke out at housing complex in Dematagoda

Mohamed Dilsad

டாப்ஸி ரகசிய நிச்சயதார்த்தம்?

Mohamed Dilsad

Leave a Comment