ප්‍රමුඛ පුවත 1

එජාපෙ පක්‍ෂ නායකයින් අද අරලියගහ මන්දිරයට

(UTV| කොළඹ) – එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් අද(20) අරලියගහ මන්දිරයට කැඳවා තිබේ.

ඒ පක්ෂ නායකයින්ගේ විශේෂ සාකච්ඡාවක් සඳහාය.

එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂීම් මහතා සඳහන් කළේ පෙරවරු 9.30ට අරලියගහ මන්දිරයේදී මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි.

මේ සඳහා එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සියලු පක්ෂවල නායකයින්ට ආරාධනා කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡාවේදී පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත්කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.

එක්සත් ජාතික පෙරමුණ වෙනුවෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට නම් කරන මන්ත්‍රීවරුන් පිළිබඳව එහිදි අවසන් එකඟතාවයකට පැමිණීමට සැලසුම් කර තිබේ.

හෙට(21) දිනයේදී එක්සත් ජාතික පෙරමුණ විසින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සාමාජිකයින් නම් කිරීම සිදුකරන බව කබීර් හෂීම් මහතා සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ආචාර්ය පි.බි.ජයසුන්දර නව ජනාධිපති ලේකම් ධූරයට [VIDEO]

Mohamed Dilsad

අම්බලන්තොට කළුකොඩි ඔසවමින් හර්තාල් ව්‍යාපාරයක්

Mohamed Dilsad

මානුෂීය හේතුමත ආනන්ද සුදාකරන් මහතා නිදහස් කරන්නැයි ඇමති රිෂාඩ් ජනපතිගෙන් ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment