ප්‍රමුඛ පුවත 1

ඥානසාර හිමියන්ට එරෙහි පෙත්සම ඉවතට

(UTV| කොළඹ) – බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව නීතිපතිවරයා විසින් අභියාචනාධිකරණයේ ගොනුකර තිබූ පෙත්සමක් අද ඉල්ලා අස්කර ගෙන තිබේ.

කොළඹ මහාධිකරණය ලබා දුන් තීන්දුවක් අභියෝගයට ලක් කරමින් නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අභියාචනයක් මෙලෙස ඉවත් කරගෙන ඇති බව අප අධිකරණ වාර්තාකරු පැවසීය.

2008 වසරේදී කොස්වත්ත – තලාහේන ප්‍රදේශයේදී කල්වාරි දේවස්ථානයකට බලහත්කාරයෙන් ඇතුළු වී අලාභ හානි සිදුකිරීම සම්බන්ධයෙන් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු හිමිවරුන් 13 දෙනෙකු කොළඹ මහාධිකරණය නිදොස් කොට නිදහස් කළ අතර එම තීන්දුව නීතිපතිවරයා විසින් අභියෝගයට ලක් කර තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඉන්දියාව ශ්‍රීලංකාවට දුන් සහතිකය

Mohamed Dilsad

තෙවන පාසැල් වාරය අද ඇරඹේ

Mohamed Dilsad

ත්‍රිපිටකය ජාතික උරුමයක් වෙයි

Mohamed Dilsad

Leave a Comment