ප්‍රමුඛ පුවත 1

ජනපති සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම්වරිය දුරකථන සංවාදයක

(UTV| කොළඹ) – ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැටී‍්‍රෂීයා ස්කොට්ලන්ඞ්ට් සාමිවරිය අද (23) විශේෂ දුරකථන සංවාදයකට එක් විය.

එහිදී ජනාධිපතිතුමා අවධාරණය කළේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය භාවිතයේ යෙදවීම සඳහා තමා නිරන්තරයෙන් පෙනී සිටින බවත්, එසේම සෑම විටම තමා කටයුතු කරන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූලව බවත් ය.

මෙම දුරකථන සංවාදයේ දී ජනාධිපතිතුමා වැඩිදුරටත් පැහැදිළි කළේ තමා කථානායකවරයාගෙන් ඉතාමත් පැහැදිලිව පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සහ සම්මුතිවලට අනුව කි‍්‍රයාකාරන ලෙස ඉල්ලා සිටි බවයි. එමෙන් ම ආණ්ඩුවේ පැවැත්ම තීරණය කිරීම වැනි ඉතා වැදගත් කාරණාවලට අදාළව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමේ දී මන්තී‍්‍රවරුන්ගේ හඬ අනුව නොව, ඉලෙක්ට්‍රොනික් ඡන්ද ක‍්‍රමය හෝ නමින් ඡන්ද විමසීම යන ආකාරවලින් තෝරාගත් විධිමත් ක‍්‍රමයක් භාවිතා කරන ලෙස තමා කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළ බව ද ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේ ය.

පොදුරාජ්‍ය මණ්ඩලයේ දීර්ඝ කාලීන සාමාජිකයෙකු වශයෙනුත්, ආසියාවේ පැරණිතම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් වශයෙනුත්, ශ‍්‍රී ලංකාව ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිගැනීම පිළිබඳව සතුටු වන බව මහලේක්ම්වරිය මෙහිදී සඳහන් කළාය.

පොදුරාජ්‍ය මණ්ඩලය ශ‍්‍රී ලංකාව සමග ඉදිරියේදී ද අඛණ්ඩව ඉතාමත් සමීපව සහ සහයෝගයෙන් කටයුතු කරන බව ද පැටී‍්‍රෂීයා ස්කොට්ලන්ඞ්ට් සාමිවරිය මෙහිදී ජනාධිපතිතුමා වෙත සහතික වූවාය.

එමෙන්ම මහ ලේකම්වරිය ඉතාමත් විශ්වාසයෙන් සඳහන් කළේ ශ‍්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන අර්බුදය සාමකාමීව විසඳාගනු ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සබරගමු⁣වේ පාසල් වසයි

Mohamed Dilsad

මධ්‍යම පළාත් සභාව උණුසුම් වෙයි(ඡායාරූප)

Mohamed Dilsad

පොහොට්ටුවෙන් තවමත් කෙණෙහිලි – ශ්‍රීලනිප [AUDIO]

Mohamed Dilsad

Leave a Comment