ප්‍රමුඛ පුවත 1

ජාතික කම්කරු නීති සම්මේලනයේ සමාරම්භක උත්සවය විෂය භාර ඇමති ප්‍රධානත්වයෙන්

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් සංවිධානය කළ ජාතික කම්කරු නීති සම්මේලනයේ සමාරම්භක උත්සවය  රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා අධිකරණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජයික් හිල්ටන් හෝටලයේදී අද (26) පෙරවරුවේ ආරම්භ විය.

2018.11.26 සහ 27 යන දෙදින තුළ කම්කරු නීති සම්මේලන පැවැත්වෙන අතර නීතීඥවරුන්, රාජ්‍ය හා පුද්ගලික අංශයේ නිලධාරීන් ,අධිකරණ නිලධාරීන්, සිවිල් සමාජ ක්‍රියකාරීන්, ව්‍යාපාරිකයින් ,රාජ්‍ය නොවන සංවිධාන නිලධාරීන් මේ සදහා එක්ව සිටියි.

මානව හිමිකම් ,කම්කරු නීතිය, ලෝක ආර්ථික ප්‍රවණතා දේශීය හා විදේශීය ,කම්කරු නීති තත්වයන් ආදීය පිළිබදව මෙම සම්මේලනයේදී අවධානයට ලක් වෙයි.

සාරම්භක අවස්ථාවට නීතිපති ජයන්ත ජයසුරිය මහතා ඇතුළු නීතිඥයින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ,අධිකරණ නිලධාරීන් ඇතුළු පිරිසක් එක් වුහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

යුද්ධ හමුදා මූලස්ථානය ජනපති ප්‍රධානත්වයෙන් රණවිරු අයිතියට [PHOTOS]

Mohamed Dilsad

නීති රාමුව තුළ උපරිම ක්‍රියාමාර්ග ගැනීමට පොලිස් නිලධාරීන්ට උපදෙස්

Mohamed Dilsad

රක්ෂිත බන්ධනාගරගතව සිටි වෛද්‍ය ශාෆි ෂියාබ්දීන් ඇප මත මුදාහැරේ

Mohamed Dilsad

Leave a Comment