ප්‍රමුඛ පුවත 1

අගමැතිගේ වියදම් කැපීමට ගෙන ආ යෝජනාව ව්‍යවස්ථානුකූලයි – කථානායක

(UTV | COLOMBO) අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් කපා හැරීම සඳහා එක්සත් ජාතික පෙරමුණ ගෙන එන යෝජනාවෙන්, ව්‍යාවස්ථාව උල්ලංඝණය නොවන බව කතානායක කරූ ජයසූරිය මහතා සදහන් කර ඇත.

අගමැතිවරයාගේ වියදම් කපා හැරීම සඳහා එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කළ යෝජනාව අද(29) දිනයේ විවාදයට ගැනීමට නියමිතව තිබේ.

එජාපයේ මන්ත්‍රීවරුන් 05 දෙනෙකු විසින් මෙම යෝජනාව පසුගියදා කථානායකවරයාට බාරදුන් අතර එය අද දින න්‍යාය පත්‍රයට ඇතුළත් වී තිබේ.

මෙම යෝජනාව අද දිනයේ පාර්ලිමේන්තුව තුළ බහුතර ඡන්දයෙන් සම්මත කර ගන්නා බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා සදහන් කළේය.

Related posts

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉවත්කරන්නේ නැහැ – ඇමති සාගල මැති සබේ කියයි

Mohamed Dilsad

අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද

Mohamed Dilsad

2019 තුන්වන පාසල් වාරය අදින් ආරම්භ වෙයි

Mohamed Dilsad

Leave a Comment