ප්‍රමුඛ පුවත 1

හැකි ඉක්මණින් මැතිවරණයකට යා යුතුයි – අතුරලියේ රතන හිමි

(UTV| කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් අද (29 ) දිනයේ පාර්ලිමේන්තුව තුළ විපක්ෂය තුළ අසුන්ගෙන සිටියහ.

එහිදී සභාව අමතමින් උන්වහන්සේ විශේෂ ප්‍රකාශයක් ද සදහන් කරමින් ප්‍රකාශකර සිටියේ හැකි ඉක්මණින් මහ මැතිවරණයකට ගොස් ඇතිවී තිබෙන තත්ත්වයට විසදුම් සෙවිය යුතු බවයි.

“ වර්තමාන පාර්ලිමේන්තුව ගොඩනැගීමේදි නව රජයක් පත්කිරීමට මා දරූ ප්‍රයන්තයට ගෞරවයක් ඇති කිලයා හිතනවා.
අපි එක්සත් ජාතික පක්ෂයත් සමග එකතුවෙලා විශාල කැපවීමක් කළා. පහුගිය ආණ්ඩුව කොළඹ නගරය කැසිනෝ නගරයක් කරන්න ගියාම මම විරුද්ධ වුණා. අදත් මම මගේ හෘද සාක්ෂිය රට වෙනුවෙන් කියනවා. මෙය ජනපතිට බැණ වැදීමෙන් විසඳගන්න බෑ. අපේ ව්‍යවස්ථාව ගෙනි යන්න ව්‍යවස්ථාදායක සභාව හා විධායකය තුළ එකඟතාවක් ඕන. ත්‍රස්තවාදය පරාජය කිරිමට අපි විශාල සහායක් දුන්නා.

දැන් මේ ව්‍යාකූලත්වය නිසා ප්‍රශ්ණ ගණනාවක් තිබෙනවා. සියලු දෙනාම සිංගප්පූරු ගිවිසුමට විරුද්ධ වුණා. මම අගමැතිතුමා හමුවී කිව්වා ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් හදමු කිව්වා. පරිසර නීතිය අලුත් ලෝයකත් සමග සම්මත කළ යුතුව තිබුණා. විධායක ජනපති හැටියට බලය පාවිච්චි කළේ නෑ කියන චෝදනාව මමත් කරනවා. හම්බන්තොට වරාය අපට අහිමිවුණා. මේ තත්ත්වය වහාම අවසන් කළ යුතුව තිබෙනවා.

පළමුවෙන්ම කෙටි කාලයකට ප්‍රතිපත්තියක් සකස් කළ යුතුයි. ආණ්ඩු බලය තියාගෙන යනවා වෙනුවනට දෙපාර්ශ්වයට බලය ලැබෙන ලෙස ප්‍රතිපත්තියක් සකස් කළ යුතුයි. ඉතාම ඉක්මනින් මැතිවරණයට ගොස් ජනමතය උරගා බැලිය යුතුයි.”

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අප්‍රේල් මස ඩෙංගු රෝගීන්ගේ අඩුවක්

Mohamed Dilsad

ජිනීවා මානව හිමිකම් සමුළුව උණුසුම්

Mohamed Dilsad

ශ්‍රී පාද වන්දනා සමයේ විශේෂ දුම්රිය සේවා

Mohamed Dilsad

Leave a Comment