ප්‍රමුඛ පුවත 1

‘කළුතර වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් කඩිනමින් නීතියේ රැහැනට හසුකර ගත යුතුයි’ඇමති සාගල

(උදයම්,කොළඹ)   – කළුතර බන්ධනාගාර බස් රථයකට වෙඩි තැබීමේ සිද්ධියට අදාළ සැකකරුවන් කඩිනමින් නීතියේ රැහැනට හසුකර ගැනීම කටයුතු කළ යුතු බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.

පසුගිය 27 වන දින කළුතර බන්ධනාගාර රැඳවියන් ප්‍රවාහනය කරමින් තිබුණු බස් රථ දෙකකට එම බන්ධනාගාරය ආසන්නයේදී අවිගත් නාදුනන කණ්ඩායමක් විසින් සිදුකරන ලද වෙඩි තැබීම හේතුවෙන් රැඳවියන් පස්දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්වූ අවාසනාවන්ත සහ බරපතල සිදුවීම පිළිබදව නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සිය කණගාටුව පල කර තිබේ.

එහිදී අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ “ව්‍යවස්ථාපිත නීතිමය රාමුව යටතේ බන්ධනාගාර ගත සැකකරුවන්ගේ භාරය සහ ආරක්ෂාවේ සම්පුර්ණ වගකීම බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත පැවරෙන අතර දරුණු ගණයේ සැකකරුවන් ප්‍රවාහනයේදී ඔවුන්ගේ ආරක්ෂාව උදෙසා පොලිස් නිලධාරීන්ගේ සහාය ලබාගන්නා ලෙස උපදෙස් ලබාදී ඇත.

මෙවැනි සැකකරුවන් ප්‍රවාහනයේදී පිළිපැදිය යුතු ආරක්ෂක ක්‍රම විදිවිධානයන් පිළිබදවද පොලිස් නිලධාරීන් සහ බන්ධනාගාර නිලධාරීන් වෙත අවශ්‍ය පුහුණුව මෙන්ම ස්වයංක්‍රිය ගිනි අවි ලබාදී තිබියදී මෙවැනි අවාසනාවන්ත සිද්ධීන් පිලිබදව ශ්‍රී  ලංකා පොලීසියට සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවට තාම සාමුහික වගකීමෙන් මිදීමට නොහැකිවනු ඇත.

බන්ධනාගර දෙපාර්තමේන්තුව භාර අමාත්‍යවරයා විසින් මෙම සිදුවීමේ වගකීම ශ්‍රී ලංකා පොලීසිය වෙත පවරා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වගකීම විතැන් කිරීමට කටයුතු කිරීම වෙනුවට ප්‍රධාන ආයතනවල වගකීම, කාර්යභාරය සහ අඩුපාඩු හඳුනාගෙන එවැනි අවස්ථාවන්ට සාර්ථකව මුහුණදීමට කටයුතු කරනු දැකීම මහජනයාගේ අපේක්ෂිත යථාර්තය වන බව පසක්කර ගනිමින් එහි වගකීම අදාල සියලු පාර්ශවයන් භාරගත යුතුය.

මෙම ප්‍රහාරයට සාර්ථකව මුහුණදීමට හෝ එය වැලක්වීමට අවශ්‍ය කටයුතු නොකිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී  ලංකා පොලීසියේ අදාල නිලධාරීන් පිලිබදව පියවර ගැනීමට සහ ප්‍රහාරයට වගකිව යුතු සැකකරුවන් කඩිනමින් නීතියේ රැහැනට හසුකර ගැනීම සදහා අප වගකිව යුතු රජයක් වශයෙන් නොපිරිහෙලා අවශ්‍ය සියලුම පියවර ගැනීමට බැඳී සිටී”

 

Related posts

රාජ්‍ය සේවක වැටුප අපේ‍්‍රල් 8 වැනිදා

Mohamed Dilsad

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ සම්මේලනය අද

Mohamed Dilsad

ගෝඨාභය රාජපක්ෂ අද පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයට

Mohamed Dilsad

Leave a Comment