ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තුව විසිරුවාහැරීමට එරෙහි පෙත්සම් විභාගය සිව් වන දිනටත් ඇරඹේ

(UTV| කොළඹ) – පාර්ලිමේන්තුව විසිරුවාහරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවින් එමගින් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ඉදිරිපත් කළ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඇරඹේ.

අද(07)  සිව් වන දිනට මෙම පෙත්සම් විභාගය පැවැත්වේ.

අගවිනිසුරු නලීන් පෙරේරා ප්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ එම පෙත්සම් විභාගය සිදු කෙරේ.

අදාළ ගැසට් නිවේදනය බල රහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය හෙට දිනය දක්වා දීර්ඝ කෙරුණි.

ඊයේ(06) අතරමැදි පෙත්සම් කරුවන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දක්වා තිබුණි.

පෙත්සම්කරුවන් ඊට ප්‍රතිචාර දක්වමින් කරුණු දැක්වීම අද සිදුකිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ප්‍රදේශ දෙකක වෙඩි තැබීම් දෙකක්

Mohamed Dilsad

නීති විරෝධීව ගෙන්වූ ලොකු ලූණු බීජ තොගයක් සමග සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

කෑගල්ල දිස්ත්‍රික්කය – තැපැල් ඡන්ද ප්‍රතිඵලය

Mohamed Dilsad

Leave a Comment