(UTV| කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ ගත යුතු ඉදිරි නීතිමය පියවර ගැනීමට බලාපොරොත්තු වන බවත් ඒ අනුව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඉදිරියේ චෝදනා කෙටුම්පතක් ගොනු කරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
මන්ත්‍රිවරයා සිදුකළ ප්‍රකාශය, බැලූ බැල්මට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 ව්‍යවස්ථාව අනුව අධිකරණයට අපහාස කිරීමක් කර ඇති බවට පෙනී යන අතිරේක සොලිසිටර් ජනරාල් සංජය රාජරත්නම් අධිකරණය හමුවේ අද කරුණු දක්වා සිටියේය.
වගඋත්තරකරුට නොතීසි ලැබී නොමැති නිසා ශ්‍රේෂ්ඨාධිකරණය යළි නොතීසි නිකුත් කළා. මෙම නඩුව පෙබරවාරි මස 26 යළි කැදවීමට නියමිතය.
පසුගිය දිනක පුද්ගලික රූපවාහිනී නාලිකාවක විකාශනය වූ වැඩසටහනකදී රංජන් රාමනායක ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් පවතින ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් වලට අදාළව කරන ලද ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් සිදු වී ඇති බවට ලද පැමිණිල්ලක් අනුව මෙම නොතීසි නිකුත් කර ඇත.
එහිදී පංචපුද්ගල විනිසුරු මඩුල්ලේ විනිසුරුවරුන් තිදෙනෙකුගේ තීන්දුව තම පාර්ශවයට වාසි සහගත ලෙසට ලැබෙනු ඇති බවට රංජන් රාමනායක ප්‍රකාශ කර තිබුණි.
මෙම ප්‍රකාශයට අදාල CD තැටිය පාර්ශවයන් වෙත ලබා දීමට ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්රාර්වරයාට නියෝග කළේය.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]