ප්‍රමුඛ පුවත 1

ව්‍යාජ රිදුරු බලපත්‍ර සකස් කල පිරිසක් අත්අඩංගුවට

(UTV| කොළඹ) – ව්‍යාජ රියදුරු බලපත් සකස් කොට අලෙවි කළ ජාවාරමක් වටලා පුද්ගල‍යින් හතරදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (10)  ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

වවුනියාව මෝටර් රථ පරීක්ෂක නිළධාරීන් හා වවුනියාව පොලිස් නිළධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ මෙහෙයුමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වවුනියාව මෝටර් රථ පරීක්ෂක නිළධාරිවරයාගේ නිළ මුද්‍රාවද ව්‍යාජ ලෙස සකස් කොට ව්‍යාජ තාවකාලික රියදුරු බලපත් නිකුත් කොට ඇති බව හෙළිව ඇත.

එහිදී එක් රියදුරු බලපත්‍රයක් රුපියල් 15000 ත් 18000 ත් අතර මුදලකට විකුණා ඇති බවට තොරතුරු අනාවරණය වි ඇති බවද පොලිසිය සඳහන් කළේය.

සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ ක්‍රියාත්මකයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

විදෙස් තැපැල් මළු දහසක් ගුවන්තොටුපලේ හිරවෙයි

Mohamed Dilsad

ආණ්ඩුවේ අඩුපාඩු පෙන්වාදීම තම රජයේ අපේක්ෂාවයි [VIDEO]

Mohamed Dilsad

ඔක්තෝබර් 30ට පෙර ජනපති ඉල්ලන, රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා..

Mohamed Dilsad

Leave a Comment