ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍ය පෙරමුණ නම් සංවිධානය විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
ඒ ගුවන්විදුලි සංස්ථාව විසින් පාර්ලිමේන්තු සජීවී විකාශය නතර කිරීම මඟින් මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව සඳහන් කරමින්.
මේ පිළිබඳව විමසීම සඳහා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් පාර්ලිමේන්තුවට කැඳවීමටත් කථානායක කරු ජයසූරිය මහතා පසුගියදා කටයුතු කළේය.