Trending News

බන්ධනාගාර බස් රථයට එල්ල වූ ප්‍රහාරය සැළසුම් කළ ප්‍රධාන සැකකරු ඇතුළු පිරිස හඳුනා ගැනේ

(උදයම්,කොළඹ)  –  කළුතර දී බන්ධනාගාර බස් රථයට එල්ල වූ ප්‍රහාරය සැළසුම් කළ ප්‍රධාන සැකකරු ඇතුළු ඊට සම්බන්ධ සැකකරුවන් රැසක් මේ වන විට හඳුනාගැනීමට හැකි වී ඇති බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදුකරන අපරාධ විමර්ශකයින් විසින් අදාළ සැකකරුවන් හඳුනාගෙන ඇති බවය.

ඒ අනුව ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විටත් පුළුල් මෙහෙයුමක් ආරම්භ කර ඇත.

මෙම සැකකරුවන්ගෙන් කිහිපදෙනෙකු ව්‍යාජ ගමන් බලපත්‍ර උපයෝගී කරගනිමින් විදෙස්ගතවීමේ සැළසුමක් ඇති බවට ද පොලීසියට තොරතුරු ලැබී තිබේ.

ඒ අනුව එම ප්‍රයත්නය වැලැක්වීම සඳහා කටුනායක හා මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත එම පුද්ගලයින් පිළිබඳ තොරතුරු සපයා ඇති අතර ඔවුන් පිළිබඳ විමිසිලිමත්වීමට විශේෂ පොලිස් කණ්ඩායම් එම ගුවන්තොටුපොළවල් වෙත යොමු කර ඇත.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ විශේෂ අධීක්ෂණය යටතේ බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාගේ මෙහෙයවීමෙන් අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ විමර්ශන කටයුතු සිදුකෙරෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

Related posts

ஞானசார தேரர் மீது மீண்டும் விசாரணை

Mohamed Dilsad

‘பறப்பதற்கு தைரியம் இல்லாமல், இறக்கை இருந்து என்ன பயன்?

Mohamed Dilsad

மீனவர்களது பிரச்சினைகள் அனைத்தும் தீர்க்கப்படும் – அமைச்சர் பி.ஹரிசன்

Mohamed Dilsad

Leave a Comment