ප්‍රමුඛ පුවත 1

උතුරේ ඉඩම් අක්කර 263ක් නිදහස් කෙරේ

(UTV| කොළඹ) – උතුරු හා නැගෙනහිර පළාත්වල ගෙනයන සංවර්ධන වැඩපිළිවෙළ කඩිනම් කිරීම සඳහා ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා විසින් පත්කරන ලද ජනාධිපති කාර්ය සාධන බළකාය පස්වන වරටත් අද (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් රැස් විය.

ජනාධිපති කාර්ය සාධන බළකාය යටතේ කි‍්‍රයාත්මක වැඩසටහන්වල ප‍්‍රගතිය මෙහිදී සමාලෝචනයට ලක් කෙරුණු අතර ඉදිරි කටයුතු පිළිබඳව ද සාකච්ඡාවට ලක් විය.

එම අවස්ථාවට දෙමළ ජාතික සන්ධානයේ නායක, විපක්ෂ නායක ආර්. සම්බන්ධන් සහ උතුරු නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරු ද සහභාගි වුහ.

මේ අතර, ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි උතුරු සහ නැගෙනහිර යන පළාත්වල යුද හමුදාව දැනට පරිහරණය කරනු ලබන රජයේ සහ පෞද්ගලික ඉඩම්වලින් ජාතික ආරක්ෂාවට හානියක් ඇති නොවන පරිදි අක්කර 263කට වැඩි ප්‍රමාණයක් මේ වසර අවසන් වීමට පෙර නිදහස් කිරීමට සැලසුම් කර තිබේ.

යුද හමුදා මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ 2009 වසරේ මැයි මස 18 වන දිනට ප්‍රථම යුද හමුදාව විසින් උතුරු – නැගෙනහිර පළාත්වල පිහිටි ඉඩම්වලින් අක්කර 84,523ක ප්‍රමාණයක් භාවිතා කර ඇති බවයි.

එම ඉඩම් ප්‍රමාණයෙන් අක්කර 69,754ක් නිදහස් කර ඇති බව ද යුද හමුදා මූලස්ථානය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නව කැළණි පාලමේ ඉදිකිරීම් වලින් සීයයට 30 ක වැඩ අවසන්..

Mohamed Dilsad

මහාචාර්ය අමරා රණතුංග මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

ඡන්දය සලකුණු කරන අයුරු මහින්ද දේශප්‍රිය පැහැදිලි කරයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment