ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකා නවසීලන්තය අතර පළමු තරගය ජය පරාජයෙන් තොරව අවසන්

(UTV |නවසීලන්තය) – සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර වෙලින්ටන්හි පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද ජය පරාජයෙන් තොරව අවසන් විය.

වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් තරගයේ අවසන් දිනය වූ අද දිනයේ දී ක්‍රියාත්මක කිරීමට හැකි වූයේ පන්දුවාර 13ක් පමණි.

වර්ෂාව නිසා තරගය ආරම්භ කෙරුණේ ද පැය එකහමාරක පමණ ප්‍රමාදයකින් අනතුරුවය.

කෙසේ වෙතත් තරගය ආරම්භ වී මිනිත්තු 50කින් පමණ අනතුරුව තරගයට යළි වර්ෂාවෙන් බාධා එල්ල විය.

මේ හේතුවෙන් දිවා ආහාරය සදහා තරගය නතර කිරීමට පියවර ගැණුනු අතර ඒ වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 3ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 287කි.

කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 141ක් සහ ඇන්ජෙලෝ මැතිව්ස් නොදැවී ලකුණු 120ක් ලබා කඩුල්ලේ රැදී සිටියේය.

ඔවුන් දෙදෙනා අතර සිව්වන කඩුල්ල සදහා ගොඩනැගුණු නොබිදුණු සබදතාවය ලකුණු 274කි.

එය නවසීලන්තයේ දී සිව්වන කඩුල්ල සදහා පිතිකරුවන් දෙදෙනෙකු අතර ගොඩනැගුණු දෙවන ඉහළම සබදතාවයයි.

අනතුරුව තරගය යළි ආරම්භ කිරීමට නොහැකි විය.

තරගය ජය පරාජයෙන් තොරව නිමා වන විට ශ්‍රී ලංකාව දෙවන ඉනිමේ දී නවසීලන්ත පළමු ඉනිමට වඩා පිටුපසින් පසුවූ ලකුණු සංඛ්‍යාව 9ක්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ‍‍්‍රී ලංකාව සියලූ දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 282කි.

පිළිතුරු ලෙස සිය පළමු ඉනිම ක‍්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම සියලූ දෙනා දැවී ලකුණු 578ක් ලබා ගත්they

එහිදී නොදැවී ලකුණු 264ක් රැස් කළ ටොම් ලේතම් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවා.

දෙරට අතර පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් තරගය ලබන 26 වනදා එනම් බොක්සිං දිනයේ දී ආරම්භ වන්නේ ක්‍රයිස්චර්ච් නුවර දී යි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දෙමළ සන්ධානයේ තීරණය

Mohamed Dilsad

ඩෙංගු රෝගීන් සඳහා ලබාදෙන ‘ඩෙක්ස්ට්‍රෑන් 40’ ඖෂධය පිළිබඳ පුවත් සාවද්‍යයි – සෞඛ්‍ය අමාත්‍යංශය

Mohamed Dilsad

ඇල්ල රොක් රක්ෂිතයේ ගින්න මැඩ පැවැත්වීමට ගුවන් හමුදාවේ සහය

Mohamed Dilsad

Leave a Comment