ප්‍රමුඛ පුවත 1

නව කැබිනට් මණ්ඩලය මෙන්න

(UTV| කොළඹ) – නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දිවුරුම්දී තිබේ.

ජාතික ප්‍රතිපත්ති, ආර්ථිික කටයුතු නැවත පදිංචිකිරීම් හා පුනරුත්ථාපන හා උතුර පළාත් සංවර්ධන වෘත්තිය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දිවුරුම් දුන්නේය.

එමෙන්ම අමාත්‍ය ජෝන් අමරතුංග දිවුරුම් දී ඇත්තේ සංචාරක සංවර්ධන, වනජීවී හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ධුරයේය.

මීට අමතරව බුද්ධශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ධුරයේ ගාමිණි ජයවික්‍රම පෙරේරා දිවුරුම් දී ඇති අතර, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය ධුරයේ මංගල සමරවීර අමාත්‍යවරයා දිවුරුම්දී ඇත.

රාජ්‍ය ව්‍යාපාර, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම්දී ඇත්තේ ලක්ෂ්මන් කිරිඇල්ල මහතාය.

නගර සැළසුම් ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස රවුෆ් හකීම් දිවුරුම් දී ඇති අතර, තිලක් මාරපන විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙසත් රාජිත සේනාරත්න සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දී තිබේ.

විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය ධුරයේ දිවුරුම්දී ඇත්තේ රවී කරුණානායක මහතායි.

ඊට අමතරව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පලාත් සභා හා පලාත්පාලන අමාත්‍ය ධුරයේ වජිර අබේවර්ධන දිවුරුම් දුන්නේය.

මීට අමතරව කර්මාන්ත හා වානිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය ධුරයේ දිවුරුම්දී ඇත්තේ රිෂාඩ්  බදියුදීන් මහතායි.

පාඨලී චම්පික රණවක මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.

වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී ඇත්තේ නවීන් දිසානායක මහතායි.

කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුත පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ඇත්තේ පී. හැරිසන් මහතාය.

මීට අමතරව කබීර් හෂීම් මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ.

මේ අතර රාජ්‍ය පරිපාලන සහ ආපදා කළමනාකරණ අමාත්‍යවරයා ලෙස රංජිත් මද්දුමබණ්ඩාර දිවුරුම් දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

නව කැබිනට් මණ්ඩලයේ ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ඇත්තේ ගයන්ත කරුණාතිලක මහතාය.

නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා දිවුරුම් දී තිබේ.

මීට අමතරව අර්ජුන රණතුංග මහතා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙසත් පලනි දිගම්බරම්, කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම්දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

චන්ද්‍රානි බණ්ඩාර දිවුරුම්දී ඇත්තේ කාන්තා හා ළමා කටයුතු සහ වියලි කලාප සංවර්ධන අමාත්‍යවරිය ලෙසය.

නව අමාත්‍ය මණ්ඩල දිවුරුම්දීමට අනුව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරිය ලෙස දිවුරුම් දී ඇත්තේ තලතා අතුකෝරාල මහත්මියයි.

අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස අකිල විරාජ් කාරියවසම් දිවුරුම්දී ඇති අතර, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙස අබ්දුල් හලීම් දිවුරුම් දී තිබේ.

මීට අමතරව වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ඇත්තේ සාගල රත්නායක මහතායි.

විදුලි සංදේශ ඩිජිටල් යටිතල පහසුකම් විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස හරීන් ප්‍රනාන්දු දිවුරුම් දී ඇති අතර, මනෝ ගනේෂන් ජාතික ඒකාබද්ධතා රාජ්‍ය භාෂා සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

මේ අතර කම්කරු වෘත්තිය සමිති සබඳතා සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යවරයා ලෙස දයා ගමගේ දිවුරුම්දී ඇති අතර, මලික් සමරවික්‍රම මහතා දිවුරුම් දී ඇත්තේ සංවර්ධන උපායමාර්ග ජාත්‍යන්තර වෙළඳ සහ විද්‍යා හා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යවරයා ලෙසයි.

අග්‍රාමාත්‍යවරයාගේ අමාත්‍යාංශය ද ඇතුලූ අමාත්‍යවරුන් 29 දෙනෙකු අද ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේය.

එම ලයිස්තුව පහතින් දැක්වේ.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/12/cabbinet-12-20.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැඩි රථවාහන තද බදයක්

Mohamed Dilsad

2019 පළමු පාර්ලිමේන්තු සැසිවාරය අද (08)

Mohamed Dilsad

ජගත් මානව හිමිකම් කොමිසමට ශ්‍රී ලංකාවෙන් පොරොන්දුවක්

Mohamed Dilsad

Leave a Comment